BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පලස්තීනයට සහාය පතා ඉතාලිය හෙට වැසේ

T

The Leader Desk

October 2, 2025 • 9:31 AM

පලස්තීනයට සහාය පතා ඉතාලිය හෙට වැසේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලිය පුරා වෘත්තීය සමිති රැසක් හෙට (3) එරට වැඩ වර්ජනයක් කැඳවා තිබේ. පලස්තීන සහායට මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරන සිවිල් යාත්‍රාවලට ඊශ්‍රායල හමුදා බාධා කිරීමට එරෙහිව එම විරෝධතා සංවිධානය කර තිබේ.
  • ඉතාලියේ නේපල්ස් (Naples) නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට ඇතුළු වූ විරෝධතාකරුවෝ දුම්රිය නතර කිරීමට කටයුතු කළහ.
  • විරෝධතාකරුවන් පිරිසක් රෝමයේ ටර්මිනල් (Termini) දුම්රිය ස්ථානයට ඇතුළු වීමට දැරූ උත්සාහය පොලීසිය මැදිහත්වී ව්‍යර්ථ කෙරිණි.
  •   පලස්තීනයට සහාය පිණිස මීට පෙර, සැප්තැම්බර 22 එරට මිලාන් (Milan) හි කැඳවා තිබූ වැඩ වර්ජනයක් භීෂණකාරී තත්ත්වයක් තෙක් ඇදී ගිය බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල හමුදා එම යාත්‍රා නතර කළ බවට ඊයේ (01) තොරතුරු වාර්තා වීමත් සමග නගර කිහිපයක විරෝධතා මතු විය.

ඉතාලියේ නේපල්ස් (Naples) නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට ඇතුළු වූ විරෝධතාකරුවෝ දුම්රිය නතර කිරීමට කටයුතු කළහ. විරෝධතාකරුවන් පිරිසක් රෝමයේ ටර්මිනල් (Termini) දුම්රිය ස්ථානයට ඇතුළු වීමට දැරූ උත්සාහය පොලීසිය මැදිහත්වී ව්‍යර්ථ කෙරිණි.
 
palasthine struggle
පලස්තීනයට සහාය පිණිස මීට පෙර, සැප්තැම්බර 22 එරට මිලාන් (Milan) හි කැඳවා තිබූ වැඩ වර්ජනයක් භීෂණකාරී තත්ත්වයක් තෙක් ඇදී ගිය බව ද වාර්තා වේ.
ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පිණිස ඉතාලි ජාතිකයින් රැගත් යාත්‍රා ඇණි රැසක් මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක්, පලස්තීනයට සිය ප්‍රසාදය පළ කරමින් එහි ගමන් කරති.
Ithali boat
ඊට අමතරව ගාසා වාසීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෛද්‍යාධාර ද එහි රැගෙන යමින් පවතී.

ඊශ්‍රායල හමුදා එම යාත්‍රා බලහත්කාරයෙන් නතර කිරීමට පියවර ගත්හ. එහි සිටි ජාත්‍යන්තර මගීන් ආරක්ෂිතව ඊශ්‍රායල වරායක් වෙත යොමු කිරීමට කටයුතු කළ බව ඊශ්‍රායල හමුදා  පැවසූහ. එම යාත්‍රාවල ගමන් ගන්නා ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් භීෂණය ක්‍රියාත්මක නොකරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා මීට පෙර සහතික වූ බව ඉතාලි විදේශ අමාත්‍ය ඇන්තෝනියෝ ටජානි (Antonio Tajani ) පැවසීය.  
 


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/2/2025

මුලාශ්‍රය :

Strike called in Italy, protests flare over interception of Gaza aid ships

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...