BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා තීරය බලා යාත්‍රා කළ සියලු සමාජ ක්‍රියාකාරීන් ඊශ්‍රායල හමුදා භාරයට

T

The Leader Desk

October 3, 2025 • 8:02 AM

ගාසා තීරය බලා යාත්‍රා කළ සියලු සමාජ ක්‍රියාකාරීන් ඊශ්‍රායල හමුදා භාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් ප්‍රවාහනය කරමින් තිබූ සිවිල් යාත්‍රා 40ක් පමණ ඊයේ (02) ඊශ්‍රායල හමුදා භාරයට ගැනිණි.
  •   සන්නද්ධ නාවුක ඇඳුමින් සැරසුණු, අවි ගත් ඊශ්‍රායල භටයින් එම යාත්‍රා වෙත ඇතුළු වන ආකාරය සහ ආරක්ෂක කබා පැළඳ සිටි මගීන් දෑත් ඔසවා යටත් වන ආකරය එම දර්ශන ඔස්සේ විකාශය විය.
  •  ජාත්‍යන්තර කීර්තියට පත් සිවිල් ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg) ද එහි වූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
  • ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරීන් රැගත් යාත්‍රා රැසක් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීමට විරෝධය පා උද්ඝෝෂකයෝ වැඩවර්ජන ඇතුළු විරෝධතා ව්‍යාපාර රැසකට එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් 450ක පමණ පිරිසක් ද සිය රැඳවුම් භාරයේ  තබා ගැනීමට එම හමුදා පියවර ගත්හ.

ඊශ්‍රායලයට එරෙහි ජාත්‍යන්තර විරෝධය තවදුරටත් උත්සන්න වෙමින් පවතී.

ඊශ්‍රායල හමුදා භාරයට පත් යාත්‍රාවන්හි සිටි සිවිල් ක්‍රියාකාරීන් විසින් එම සිදුවීම් එහි සිට සජීව ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමට කටයුතු කළහ.

 

සන්නද්ධ නාවුක ඇඳුමින් සැරසුණු, අවි ගත් ඊශ්‍රායල භටයින් එම යාත්‍රා වෙත ඇතුළු වන ආකාරය සහ ආරක්ෂක කබා පැළඳ සිටි මගීන් දෑත් ඔසවා යටත් වන ආකරය එම දර්ශන ඔස්සේ විකාශය විය.  ජාත්‍යන්තර කීර්තියට පත් සිවිල් ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg) ද එහි වූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

v6u67nuuk

 

මේ අතර, පලස්තීනයට  පක්ෂපාතීත්ත්වය දක්වා යුරෝපය පුරා රටවල් රැසක සහ කරච්චි (Karachi), බුවනොස් අයර්ස් (Buenos Aires ) හා මෙක්සිකෝ (Mexico) නගරවල  මහජන උද්ඝෝෂණ හට ගෙන තිබේ. ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරීන් රැගත් යාත්‍රා රැසක් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීමට විරෝධය පා උද්ඝෝෂකයෝ වැඩවර්ජන ඇතුළු විරෝධතා ව්‍යාපාර රැසකට එක්ව සිටියහ. ඊශ්‍රායල ක්‍රියාවට විරෝධය පා අද (03) ඉතාලිය  පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මකය.

ඊශ්‍රායල හමුදා භාරයට පත් සිවිල් ක්‍රියාකාරීන් 450 දෙනකු අතුරින් පිරිසක් විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට යොමු කිරීමට එම හමුදා ක්‍රියා කළ බව එක්ස් (X) පණිවුඩයක් තබමින්  එම සිවිල් යාත්‍රා සමූහයට අයත් ග්ලෝබල් සුමුද් (Global Sumud Flotilla) නැව් මුළුවේ සංවිධායකයෝ පැවසූහ.

vb56u

ඊශ්‍රායල රැඳවුම් භාරයට පත් එම යාත්‍රා සමූහයේ සිටි මගීන්, ලබන සඳුදා (06) හෝ අඟහරුවාදා (07) වන විට විශේෂ ගුවන්යානා මගින් යුරෝපීය ගමනාන්ත වෙත පිටුවහල් කිරීමට ඊශ්‍රායල රජය පියවර ගනු ඇතැයි, ඉතාලි විදේශ අමාත්‍ය අන්තෝනියෝ ටජානි (Antonio Tajani ) පැවසීය. 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/29/2025

මුලාශ්‍රය :

Israeli military stops nearly all boats in aid flotilla, sparking global protests

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...