BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දුනීසියාවේ පාසල් අනතුරින් අතුරුදන් පිරිස් සොයා අදත් මෙහෙයුම්

T

The Leader Desk

October 3, 2025 • 10:01 AM

ඉන්දුනීසියාවේ පාසල් අනතුරින් අතුරුදන් පිරිස් සොයා අදත් මෙහෙයුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියාවේ කඩා වැටුණු පාසල් ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් සුන්බුන් අතර සිරවී සිටින පාසල් සිසුන් සොයා අදත් (03) මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. ගිලන්රථ 10ක් පමණ ඒ සඳහා යොදවා තිබේ.
  •   එම අනතුරින් පාසල් ළමුන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොන්ක්‍රීට් සුන්බුන් වලට යටවිය.
  • අනතුරට පත් ළමුන් වයස අවුරුදු 13ත්, 19ත් අතර පසුවන බව ඉන්දුනීසියානු බලධාරීහු පැවසූහ.
  • ඊයේ (02) වන විට සුන්බුන් අතර සිරවූ මළ සිරුරු 05ක් සොයා ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි අල් ඛොසිනි (Al Khoziny) පිරිමි නේවාසික පාසලේ කොන්ක්‍රීට් කුළුණු කිහිපයක් ඇද වැටීමෙන්, එම පාසල් ගොඩනැගිල කඩා වැටුණේ ඉකුත් 30 වන දා ය.

 

in ue34

එම අනතුරින් පාසල් ළමුන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොන්ක්‍රීට් සුන්බුන් වලට යටවිය. ඔවුන් සන්ධ්‍යා යාඥාවල නිරතව සිටින අවස්ථාවේ අනතුර සිදු විය.

අනතුරට පත් ළමුන් වයස අවුරුදු 13ත්, 19ත් අතර පසුවන බව ඉන්දුනීසියානු බලධාරීහු පැවසූහ.

ඊයේ (02) වන විට සුන්බුන් අතර සිරවූ මළ සිරුරු 05ක් සොයා ගැනිණි. මුදා ගත් 30කට අසන්න පිරිසක් වැඩිදුර රෝහල් ප්‍රතිකාර පිණිස යොමු කර තිබේ.

56h6nk4k

 

ඊයේ වන විටත් සුන්බුන් අතර සිරවී ඉතිරි කිසිවකු ජීවග්‍රහයෙන් සිටින බවට කිසිදු තොරතුරක් නැතැයි, ඉන්දුනීසියානු විපත් කළමනාකරණ නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඉන්දුනීසියාව ලොව විශාලතම මුස්ලිම් බහුතරයක් වෙසෙන රට ලෙස සැලකේ.    

 



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/03/2025

මුලාශ්‍රය :

Ambulances line up near collapsed Indonesian school building as search for trapped students continues

සබැඳි පුවත් :

ඉන්දුනීසියාවේ පාසලක් කඩා වැටී 91ක් අතුරුදන්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...