BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මේ ඇතැම් කොටස් වලට හමාස් එකඟ වේ

T

The Leader Desk

October 4, 2025 • 8:09 AM

ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මේ ඇතැම් කොටස් වලට හමාස් එකඟ වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්මේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළු සමහර කොන්දේසිවලට එකඟ වන බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි.
  • සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් එළඹෙන ඉරිදා ග්‍රිනිජ් මධ්‍ය වේලාවෙන් 22.00 පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් 18.00 පැය වන විට එකඟතාවයකට පැමිණිය යුතු බව ඔහු අවධාරණය කර සිටී.
  • මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් ඇතුළත නිදහස් කිරීම යෝජනා කර තිබේ.
  • කෙසේ නමුත් මෙම අවසාන අවස්ථාවෙහි ගිවිසුමට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගත හැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් විසින් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් නිරායුධකරණය වැනි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට උත්සාහ කරන බව හමාස් සංවිධානය සිකුරාදා පැවසීය.

ට්‍රම්ප් අවසාන නිවේදනය නිකුත් කරයි

ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්ම පිළිගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන දිනයක් ලබා දී තිබේ.

සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් එළඹෙන ඉරිදා ග්‍රිනිජ් මධ්‍ය වේලාවෙන් 22.00 පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් 18.00 පැය වන විට එකඟතාවයකට පැමිණිය යුතු බව ඔහු අවධාරණය කර සිටී.

මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් ඇතුළත නිදහස් කිරීම යෝජනා කර තිබේ. ඒ අනුව ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කර ගැනීමටද නියමිතය.

කෙසේ නමුත් මෙම අවසාන අවස්ථාවෙහි ගිවිසුමට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගත හැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් විසින් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මුලාශය :

Hamas agrees to parts of Trump's Gaza plan, seeks more talks

Hamas announces it agrees to ‘immediately’ enter negotiations for release of all hostages under Trump’s Gaza proposal

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...