BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ඔට්ටුව පැරදුණොත් මම නෑ,' ජනපති ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු අඟවයි

T

The Leader Desk

October 5, 2025 • 6:56 AM

'ඔට්ටුව පැරදුණොත් මම නෑ,' ජනපති ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු අඟවයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කරන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ දැනුම්දීම් නොතකා ඊශ්‍රායල හමුදා ඊයේද ඒ වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ.
  • ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම කොන්දේසි සහිතව පිළිගැනීමට සහ ඒ අනුව සිය භාරයේ පසුවන  ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සූදානම් බව හමාස් සංවිධානය ප්‍රකාශ කළේය.
  • ඊශ්‍රායලය, ගාසා තීරයේ මූලික ඉවත්වීමේ රේඛාවක පිහිටා කටයුතු කිරීමට එකඟත්වය පළ කර ඇති බවත්, හමාස් සංවිධානය ඊට අනුගත බවට සහතික වූ වහා සටන් විරාමය ක්‍රියාත්මක බව ජනපති ට්‍රම්ප් ඊයේ (04) සිය ටෘත් (Truth) අවකාශයේ සටහනක් තබමින් දන්වා සිටියේය.
  •   ගාසා තීරය වෙත ප්‍රහාර නවතන ලෙස ජනපති ට්‍රම්ප් විසින් ඉකුත් සිකුරාදා (03) අපර භාගයේ සිදු කළ දැනුම්දීම් නොතකා එල්ල කළ ඊශ්‍රායල භූමි සහ ගුවන් ප්‍රහාර හේතුවෙන්  පලස්තීන වැසියන් 36 දෙනෙක් මරුමුවට පත් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම බෝම්බ ප්‍රහාර වලින් ගාසා වැසියන් රැසක් ජීවිතක්ෂයට පත් වූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම කොන්දේසි සහිතව පිළිගැනීමට සහ ඒ අනුව සිය භාරයේ පසුවන  ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සූදානම් බව හමාස් සංවිධානය ප්‍රකාශ කළේය. සටන් විරාම සාකච්ඡා ඉදිරි සතියේ ඊජිප්තුවේදී ආරම්භ වීමට නියමිතය.

ඊශ්‍රායලය, ගාසා තීරයේ මූලික ඉවත්වීමේ රේඛාවක පිහිටා කටයුතු කිරීමට එකඟත්වය පළ කර ඇති බවත්, හමාස් සංවිධානය ඊට අනුගත බවට සහතික වූ වහා සටන් විරාමය ක්‍රියාත්මක බව ජනපති ට්‍රම්ප් ඊයේ (04) සිය ටෘත් (Truth) අවකාශයේ සටහනක් තබමින් දන්වා සිටියේය.  

ගාසා තීරය වෙත ප්‍රහාර නවතන ලෙස ජනපති ට්‍රම්ප් විසින් ඉකුත් සිකුරාදා (03) අපර භාගයේ සිදු කළ දැනුම්දීම් නොතකා එල්ල කළ ඊශ්‍රායල භූමි සහ ගුවන් ප්‍රහාර හේතුවෙන්  පලස්තීන වැසියන් 36 දෙනෙක් මරුමුවට පත් වූහ.

හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතු කොට සිවිල් වැසියන්ට සිදු වූ අපහසුතා පිලිබඳ කණගාටුව පළ කරන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.

 

457567678

ගාසා තීරයට බෝම්බ හෙළීම තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත සිය කෘතඥතාව පළ කළ ජනපති ට්‍රම්ප්, වහා සිය සැලැස්මට එක්වන ලෙස හමාස් සංවිධානයට ඊයේ අනතුරු අඟවා සිටියේය. නොඑසේව, හමාස් සංවිධානය 'ඔට්ටුව' පරාජය වන බව ඔහු කියා සිටියේය.  

"පොදු මතය නම් මෙය තවත් ප්‍රමාද වන බවයි. එය මට කිසිසේත් දරා ගත නොහැකියි. ගාසා තීරය තව දුරටත් තර්ජනයක් නොවිය යුතුයි. ඉතින්, මේක ඉක්මනින් විසඳගමු, ඉතා ඉක්මනින්...! සෑම කෙනකුටම සාධාරණය ඉෂ්ට වේවි," ට්‍රම්ප් ටෘත් (Truth) අවකාශයේ එසේ සටහන් කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/5/2025

Dozens killed in Gaza despite Trump's call for Israel to halt bombing

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...