BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා යුද්ධයට අදට දෙවසරයි; 'ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලය ආයෙත් ගහනවා සත්තයි' - හමාස් සැකයෙන්

T

The Leader Desk

October 7, 2025 • 8:08 AM

ගාසා යුද්ධයට අදට දෙවසරයි; 'ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලය ආයෙත් ගහනවා සත්තයි'  - හමාස් සැකයෙන්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල සහ හමාස් නිලධාරීහු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මට අනුව ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස සාකච්ඡා කිරීමට ඊයේ (06) ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් ( Sharm el-Sheikh ) නිකේතනයට පැමිණියහ.
  • මීට දෙවසරකට පෙර, එනම්, 2023, ඔක්තෝබර් 07 දා, ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ ම්ලේච්ඡ හමාස් ප්‍රහාරයෙන් නිරායුධ පුද්ගලයින් 1200ක් ඝාතනය වූ අතර 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත්විය.
  •   එතැන්සිට ඇරඹි ඊශ්‍රායල - හමාස් ගැටුමින් මේ වන විට ගාසා තීරයේ 67,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.
  • හමාස් භාරයේ ඉතිරි වූ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනාගෙන් මේ වන විට ජීවතුන් අතර ඇත්තේ  20 දෙනකු පමණක් බව එම සංවිධානය කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා යුද්ධය ආරම්භ වී අදට (07)  දෙවසරක් සම්පූර්ණ වේ.

මීට දෙවසරකට පෙර, එනම්, 2023, ඔක්තෝබර් 07 දා, ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කර සිදු කළ ම්ලේච්ඡ හමාස් ප්‍රහාරයෙන් නිරායුධ පුද්ගලයින් 1200ක් ඝාතනය වූ අතර 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත්විය. දෙවන ලෝක සංග්‍රාමයේදී ආඥාදායක හිට්ලර් විසින් සිදු කළ ඉතිහාසගත යුදෙව් සමූලඝාතනයෙන් පසු, ඊශ්‍රායල වැසියන් මුහුණ දුන් අතිශය මාරාන්තික දිනය එයය. පසු දිනම ඊශ්‍රයලය ගාසා යුද්ධය ආරම්භ කළේය.

ebb15440 a261 11f0 92db 77261a15b9d2

 

එතැන්සිට ඇරඹි ඊශ්‍රායල - හමාස් ගැටුමින් මේ වන විට ගාසා තීරයේ 67,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

හමාස් භාරයේ ඉතිරි වූ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනාගෙන් මේ වන විට ජීවතුන් අතර ඇත්තේ  20 දෙනකු පමණක් බව එම සංවිධානය කියා සිටී.

ගාසා යුද්ධයට දෙවසර පිරෙන අද දින, අපර භාගයේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම එහි ප්‍රථම අදියර වුවත්, එම අවසන් වටයේ සාකච්ඡා අවම වශයෙන් දින කිහිපයක් හෝ සිදු වනු ඇතැයි විදෙස් දේශපාලන ආරංචි මාර්ග පවසයි. එබැවින්, හදිසි සටන් විරාමයක් පිණිස  ක්ෂණික එකඟතාවක් අපේක්ෂා කළ නොහැකි බව ඊජිප්තු නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

 

jh57895789759

දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය විශ්වාසය බිඳකුදු නොමැති පසු බිමක, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමෙන් අනතුරුව, ඊශ්‍රායල අරමුණ යළි යුද ප්‍රකාශ කිරීම විය හැකි බවට, හමාස් සංවිධානය නිසැක සැකයෙන් පසු වේ.

සටන් විරාම සාකච්ඡා සඳහා එක්වන ඊශ්‍රායල නියෝජිත පිරිස එරට මොද්සාඩ් (Mossad) සහ ෂින් බෙට් (Shin Bet) රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන් ගෙන් ද සමන්විතය. අග්‍රාමාත්‍ය නෙතන්යාහු ගේ විදෙස් ප්‍රතිපත්ති උපදේශක ඔෆීර් ෆෝක් (Ophir Falk) සහ ප්‍රාණ ඇපකරුවන් පිලිබඳ සම්බන්ධීකාරක ගැල් හීර්ෂ් (Gal Hirsch) ද එම නියෝජිත පිරිස අතර වෙති.

ඊශ්‍රායල නියෝජිත පිරිසේ නායක, එරට උපායමාර්ගික කටයුතු පිලිබඳ අමාත්‍ය, රොන් ඩර්මර්  (Ron Dermer), සාකච්ඡා සඳහා සහභාගී වන්නේ, ඒ පිලිබඳ සමීප නිරීක්ෂණයෙන් අනතුරුව, මෙම සති අන්තය ආසන්නයේ බව ඊජිප්තුවේ සිටින ඊශ්‍රායල නිලධාරීහු සඳහන් කරති.  

 

GettyImages 2239025424
පිටුවහල් කරන ලද ගාසා නායක ඛලිල් අල්-හයියා (Khalil Al-Hayya) ගේ ප්‍රධානත්වයෙන් හමාස් නියෝජිත පිරිස එම සාකච්ඡා සඳහා  එක්වේ.

දෙපාර්ශ්වය සතුව දැනට ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ජීවිතක්ෂයට පත් වූවන්ගේ සිරුරු හුවමාරු කරගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් පිලිබඳ පැහැදිලි නිර්වචන අවශ්‍ය බව හමාස් සංවිධානය අවධාරණය කර සිටී. එමෙන්ම, ඔවුහු  ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම සහ තිරසර සටන් විරාමයක් පිලිබඳ සහතිකයක් ද ඉල්ලා සිටිති.  

ජනපති ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ එන හමාස් සංවිධානය නිරායුධකරණය පිලිබඳ ඊශ්‍රායල නියමයන්ට එම සංවිධානය එක හෙළා සිය විරෝධය පළ කර සිටී. ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින්ම ඉවත් වීමෙන් අනතුරුව පලස්තීන රාජ්‍යයක් බිහි කෙරෙන තෙක්, අවි අත්  නොහරින බව ඔවුහු තරයේ  කියා සිටිති.



කෙසේ වෙතත්, පලස්තීන රාජ්‍යයක් යනු හුදු සිහින මාත්‍රයක් පමණක් බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු සපථ කර සිටී.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් රැසක්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා  බව පසු ගිය මස, නිව් යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඒකමතිකව ප්‍රකාශයට පත් කළහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/7/2025

මුලාශ්‍රය :

Gaza talks turn to key sticking points between Israel, Hamas

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගාසා යුද්ධයට අදට දෙවසරයි; 'ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලය ආයෙත් ගහනවා සත්තයි' - හමාස් සැකයෙන් | The Leader