BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ජනපතිත් ඉල්ලා අස්වනු' ; මැඩගස්කර තරුණ අරගලකරුවෝ අඛණ්ඩ උද්ඝෝෂණයක - නව අගමැති හමුදා ජෙනරාල්වරයෙක්

T

The Leader Desk

October 7, 2025 • 11:21 AM

'ජනපතිත් ඉල්ලා අස්වනු' ; මැඩගස්කර තරුණ අරගලකරුවෝ අඛණ්ඩ උද්ඝෝෂණයක - නව අගමැති හමුදා ජෙනරාල්වරයෙක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැඩගස්කර ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) සිය හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ ( Ruphin Fortunat Zafisambo) ඊයේ (06) එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළේය.
  • මැඩගස්කරයට, පුරවැසි විශ්වාසය දිනා කටයුතු කිරීමට සහ නීතිය හා සාමය ස්ථාපිත කර පවත්වාගත හැකි අගමැතිවරයකු අවශ්‍ය බව නව අග්‍රාමාත්‍යවරයා නම් කිරීමට පෙර, ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා කියා සිටියේය.
  • විදුලිය සහ ජල සැපයුම් ප්‍රතිස්ථාපනය කර යථාවත් කිරීම නව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛතම කාර්ය භාරය බව ඔහු අවධාරණය කළේය.
  • රාජ්‍ය විරෝධී අරගල පිණිස එරට තරුණ කොටස් තෙවන සතියටත් ඊයේ (06) වීදි බටහ.
අකුරු ප්‍රමාණය (Font Size):


විදුලි සහ ජල අර්බුදයක් හමුවේ හටගත් තරුණ අරගලයක් හමුවේ මීට සතියකට පමණ පෙර, එරට රජය විසිරුවා හැරීමට ජනපති රජෝලීනා පියවර ගත්තේය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටියන් එන්ට්සායි ද (Christian Ntsay) බලයෙන් පහ කෙරිණි.

 

0001230196 resized ruphinfortunatzafisambo07102025reuters1022හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ
නව තනතුරට නම් කිරීමට පෙර සෆිසැම්බෝ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරක්ෂක කැබිනට්ටුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළේය.

මැඩගස්කරයට, පුරවැසි විශ්වාසය දිනා කටයුතු කිරීමට සහ නීතිය හා සාමය ස්ථාපිත කර පවත්වාගත හැකි අගමැතිවරයකු අවශ්‍ය බව නව අග්‍රාමාත්‍යවරයා නම් කිරීමට පෙර, ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා කියා සිටියේය.

විදුලිය සහ ජල සැපයුම් ප්‍රතිස්ථාපනය කර යථාවත් කිරීම නව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛතම කාර්ය භාරය බව ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය විරෝධී අරගල පිණිස එරට තරුණ කොටස් තෙවන සතියටත් ඊයේ (06) වීදි බටහ. තරුණ උද්ඝෝෂණ හමුවේ රජය විසිරුවා හැරීමට ජනපති රජෝලීනා පියවර  ගත්ත ද, 51 හැවිරිදි ජනපතිවරයාට ද ඉල්ලා අස්වන ලෙස බල කරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයෝ තව දුරටත් අරගලයේ නියැලෙමින් සිටිති.

 

අන්ටනනරීවෝ (Antananarivo) අගනුවරට රැස්වූ උද්ඝෝෂකයින් පලවා හැරීමට පොලීසය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.

අරගලයේ නියුතු බොහෝ පිරිස් එරට විශ්ව විද්‍යාල සිසුන් බව වාර්තා වේ.

කෙන්යාවේ සහ නේපාලයේ ජෙන්-සී (Gen Z) අරගල වලින් ලත් පන්නරය හමුවේ ඔවුහු මැඩගස්කර ගැටලුවට එරෙහි අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.  

කෙසේ වෙතත්, දේශපාලනික ඕනෑ එපාකම් මත අරගලයට එක්වනන්, රට අස්ථාවර කිරීමේ කූට ප්‍රයත්නයක නියැලෙමින් සිටින බවත්, ජනපති රජෝලීනා පූර්ණ කාලීනව සාකච්ඡා පිණිස ඇප කැපව සිටින බවත්, ජනපති කාර්යාල ප්‍රකාශකයකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

2025 10 06T122115Z 1 LYNXNPEL950J3 RTROPTP 4 MADAGASCAR PROTESTS

 

ඉකුත් සෙනසුරාදා (04) අරගලයේ නියුතු සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක් ජනපතිවරයා හමු වූ බව ද වාර්තා වේ. අරගල කරුවන්ගේ දුක් ගැනවිලි වලට සවන් දීමට සූදානම් වුව, ජනපති ධුරය හැර යන ලෙස කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව ඔහු කියා සිටී.

ඛනිජ සම්පත් බහුල, ජෛව විවිධත්වයෙන් සහ කෘෂිකර්මාන්තයෙන් ද සශ්‍රීක රටක් වුව, මැඩගස්කරය ලොව උග්‍ර දරිද්‍රතාවෙන් පෙලෙන රටවල් අතරින් එකකි. එරට නිදහස ලත් 1960 සිට 2020 දක්වා ඒක පුද්ගල ආදායම 45%කින්  පහත වැටී තිබේ.      

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/7/2025

මුලාශ්‍රය :

Madagascar president names army general as new prime minister

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...