BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සාම සාකච්ඡා මැද ඊශ්‍රායල හමුදා අදත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරති

T

The Leader Desk

October 7, 2025 • 12:13 PM

සාම සාකච්ඡා මැද ඊශ්‍රායල හමුදා අදත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ, හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට දෙවසරක් සපිරෙන අද (07) දිනයේත්, ඊශ්‍රායල හමුදා, ගොඩ බිමින්, දිය මතින් සහ ගුවනින් ඒ වෙත දැවැන්ත ෂෙල් ප්‍රහාරයක් එල්ල කළේය.
  •   ඊජිප්තුවට රැස් වූ ඊශ්‍රායල සහ හමාස් නිලධාරීන් අතර වක්‍ර සාකච්ඡා ඊයේ (06) ආරම්භ විය.
  • ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා පූර්ණ ලෙස ඉවත් වීම සහ හමාස් සංවිධානය නිරායුධකරණය වැනි සංවේදී කරුණු ඊට ඇතුළත් වූ බව වාර්තා වේ.
  • දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස්  ( Khan Younis) සහ ගාසා නගරය ද දරුණු ඊශ්‍රායල ප්‍රහාරවලට ලක් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් ජනපද ජනපති, ට්‍රම්ප් ගේ නියමයෙන්, ගාසා යුද්ධය අවසන්  කිරීමට සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන අතර වාරයේ එල්ල කෙරෙන මෙම ප්‍රහාර හේතුවෙන්  සාම ප්‍රයත්නය අභියෝගයට ලක් කර තිබේ.  

ඊජිප්තුවට රැස් වූ ඊශ්‍රායල සහ හමාස් නිලධාරීන් අතර වක්‍ර සාකච්ඡා ඊයේ (06) ආරම්භ විය. ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා පූර්ණ ලෙස ඉවත් වීම සහ හමාස් සංවිධානය නිරායුධකරණය වැනි සංවේදී කරුණු ඊට ඇතුළත් වූ බව වාර්තා වේ.

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස්  ( Khan Younis) සහ ගාසා නගරය ද දරුණු ඊශ්‍රායල ප්‍රහාරවලට ලක් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 



ගාසා තීරයේ දිස්ත්‍රික්ක ගණනාවක් වෙත ගොඩ බිමින්, දිය මතින් සහ ගුවනින් ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කළහ. අද අළුයම හමාස් සටන් කාමීහු දේශ සීමාවට ඉහළින් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාරයක් එල්ල කළහ.

යුදෙව් සතුරාට විරෝධය පා, එක්ව නැගී සිටීම එකම විසඳුම  බව, හමාස්, ඉස්ලාමීය ජිහාඩ් සහ  ඊශ්‍රායල විරෝධී කුඩා මුස්ලිම් එකමුතුවක්, දෙවසරක යුද සැමරුම වෙනුවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

පලස්තීන ජනයා නිරායුධාකරණයට කිසිවකුට අයිතිය නොමැති බවත්,  සිය නිජ බිම සහ පූජනීය ස්ථාන  සතුරාගෙන් නිදහස් කරගන්නා තෙක්, එම සටන පරපුරෙන් පරපුරට උරුම කරන බවත්, එම  නිවේදනයේ දැක්වේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/7/2025

මුලාශ්‍රය :

Israeli forces shell Gaza on war anniversary, Hamas and Israel discuss Trump plan

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...