BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැඩගස්කර ජනපති ජාතික කතිකාවක් ඉල්ලයි; අරගලකරුවෝ අවසන් නිවේදන දෙති

T

The Leader Desk

October 8, 2025 • 9:51 AM

මැඩගස්කර ජනපති ජාතික කතිකාවක් ඉල්ලයි; අරගලකරුවෝ අවසන් නිවේදන දෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැඩගස්කරයේ අද (08) බහු පාර්ශ්ව ජාතික කතිකාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි, ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) දන්වා සිටී.
  • ඉකුත් සඳුදා (06) ඔහු, සිය හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ (Ruphin Fortunat Zafisambo) එරට අග්‍රාමාත්‍ය ලෙස පත් කළේය.
  • තවද, එම පදනමේ සිට ජාතික කතිකාව සහ ඒ පිලිබඳ උපදේශන ක්‍රියාත්මක කරමින්, ජනතා ගැටළු කෙරෙහි සවන් යොමු කර, දීර්ඝ කාලීන සහ තිරසර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
  •   අරගලකරුවන් විසින් සිය ඉල්ලීම් නිශ්චිතව දක්වා නැතත්, ජනපතිවරයාට වහා ධුරයෙන් ඉවත්වන ලෙසත්, ජාතියෙන් සමාව ගන්නා ලෙසත්, සෙනෙට් සභාව සහ මැතිවරණ කොමිසම විසුරුවා හරින ලෙසත් බල කරමින්, ඔවුහු උද්ඝෝෂණයේ යෙදී සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පැය 48ක් ඇතුළත වහා සිය ඉල්ලීම ඉටු කරන ලෙස හා නොඑසේව, දැවැන්ත ජාතික වැඩ වර්ජනයකට මුහුණ දීමට සූදානම් වන ලෙස අරගලකරුවන් විසින් තර්ජනය කිරීමත් සමග, ජනපති රජෝලීනා විසින් එම නිවේදනය නිකුත් කර තිබේ. ඉකුත් සඳුදා (06) ඔහු, සිය හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ (Ruphin Fortunat Zafisambo) එරට අග්‍රාමාත්‍ය ලෙස පත් කළේය.

ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා

 

ඉකුත් මස 25වන දින විදුලි සහ ජල අර්බුදයක් පිලිබඳ හටගත් තරුණ අරගලයක් හමුවේ ජනපති රජෝලීනා, රජය විසිරුවා හැරීමට පියවර ගත්තද, 51 හැවිරිදි  ජනපතිවරයාට ද ඉල්ලා අස්වන ලෙස බල කරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයෝ තව දුරටත් අරගලයේ නියැලෙමින් සිටිති.

මේ අතර, අන්ත දරිද්‍රතාවට සහ දූෂණයට තිත තැබීම පිණිස එකාවන්ව සටන් කරමින්, එම පාපතර යක්ෂ බලවේග පළවා හැර, ඒකාග්‍රතාව සහ අන්‍යොන්‍ය ගෞරවය මත රැඳි නව සමාජයක් බිහි කිරීමට සියල්ලෝ එකට එක් විය යුතු බව ඊයේ (07), සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ජනපති රජෝලීනා කියා සිටියේය.

තවද, එම පදනමේ සිට ජාතික කතිකාව සහ ඒ පිලිබඳ උපදේශන ක්‍රියාත්මක කරමින්, ජනතා ගැටළු කෙරෙහි සවන් යොමු කර, දීර්ඝ කාලීන සහ තිරසර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

අද පස්වරුවේ පැවැත්වෙන ජාතික කතිකාවට, එරට ආගමික නායකයින්, ශිෂ්‍යයින්, තරුණ නියෝජිතයින් සහ අරගලයට සම්බන්ධ තවත් පිරිස් සහභාගී වීමට නියමිතය.

 

m67567567
අරගලකරුවන් විසින් සිය ඉල්ලීම් නිශ්චිතව දක්වා නැතත්, ජනපතිවරයාට වහා ධුරයෙන් ඉවත්වන ලෙසත්, ජාතියෙන් සමාව ගන්නා ලෙසත්, සෙනෙට් සභාව සහ මැතිවරණ කොමිසම විසුරුවා හරින ලෙසත් බල කරමින්, ඔවුහු උද්ඝෝෂණයේ යෙදී සිටිති.

ඊයේ, අන්ටනනරීවෝ (Antananarivo) අගනුවර වෙත පා ගමනින් පෙළපාලි දැක්වූ උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

අරගල පිණිස මීට ඉහත, රට පුරා නාගරිකයන් වෙත රොක් වූ සිය ගණනක පිරිසෙන් මේ වන විට ඉතිරිව ඇත්තේ සුළුතරයක් බව එරට පුද්ගලික අංශය සතු ඩිජිටල් ප්‍රවෘත්ති සේවාවක් වන 2424.MG පවසයි.

 



ජනපති රජෝලීනා විසින් නව  අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම, පවතින අර්බුදයට කූටෝපායික පැලැස්තර ඇලවීමක් පමණක් බව, එම පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් අරගල ව්‍යාපාර ෆේස්බුක් පිටුවේ දැන්වීමක් ද පළ කර තිබේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/8/2025

මුලාශ්‍රය :

Madagascar president plans 'national dialogue' as protesters declare ultimatum

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...