BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අනවසර ඩ්‍රෝන බිම හෙළීමට ජර්මානු පොලිසියට අවසර

T

The Leader Desk

October 8, 2025 • 2:11 PM

අනවසර ඩ්‍රෝන බිම හෙළීමට ජර්මානු පොලිසියට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මානු ගුවන් කලාපයට ඉහළින් පියාසර කරන අනවසර ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට රජය, එරට පොලිසියට බලය
  • එවැනි ඩ්‍රෝන යානා අන් රටවල ගුවන් කලාප උල්ලංඝනය කෙරෙන පරිදි පියාසර කරවීමෙන් රුසියාව දෙමුහුන් යුද්ධයකට අත   පොවා ඇතැයි  එම රටවල් චෝදනා කරති.
  • ජර්මනියට ඉහළින් පියාසර කරන අනවසර ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට හෝ වෙනත් ක්‍රම මගින් නිෂ්ක්‍රීය කිරීමට එරට පොලිසියට බලය පවරා ඉදිරිපත් කර තිබූ ඉල්ලීමකට අද (08) එරට කැබිනට් අනුමැතිය හිමි විය.
  • ඩ්‍රෝන සිදුවීම් සිය දේශයට තර්ජනයක් බව ජර්මානු චාන්සලර්,  ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) එක්ස් (X) සමාජ ජාලයේ පණිවුඩයක් තබමින් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පවරයි. ඉකුත් වකවානුවේ   ජර්මනිය සහ යුරෝපයේ තවත් රටවල් කිහිපයක ගුවන් කලාප ආක්‍රමණය කළ  අනවසර ඩ්‍රෝන යානා හේතුවෙන් ගුවන් තොටුපොළ මෙහෙයුම්ව අඩාල    වූ අතර එම රටවල ආරක්ෂාවට ද තර්ජන එල්ල විය. එවැනි ඩ්‍රෝන යානා අන් රටවල ගුවන් කලාප උල්ලංඝනය කෙරෙන පරිදි පියාසර කරවීමෙන් රුසියාව දෙමුහුන් යුද්ධයකට අත   පොවා ඇතැයි  එම රටවල් චෝදනා කරති.

ජර්මනියට ඉහළින් පියාසර කරන අනවසර ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට හෝ වෙනත් ක්‍රම මගින් නිෂ්ක්‍රීය කිරීමට එරට පොලිසියට බලය පවරා ඉදිරිපත් කර තිබූ ඉල්ලීමකට අද (08) එරට කැබිනට් අනුමැතිය හිමි විය. එය පාර්ලිමේන්තුව හමුවේ අනුමත වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, ජර්මනියේ ආරක්ෂාවට සහ ගුවන් ගමන් වැනි දෛනික මෙහෙයුම් වලට  තර්ජනයක් එල්ල කරමින් එරට ගුවන් කලාපය උල්ලංඝනය කරන ඩ්‍රෝන යානා බිම හෙළීමට එරට පොලීසය වෙත පූර්ණ බලය හිමිවේ.  එවැනි යානා වෙඩි තබා බිම හෙළීමට හෝ,  ලේසර් හා  වෙනත් බාධක  සංඥා මගින්  නිෂ්ක්‍රීය කිරීමට පොලිසියට අවසර හිමි ය.

ඩ්‍රෝන සිදුවීම් සිය දේශයට තර්ජනයක් බව ජර්මානු චාන්සලර්,  ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) එක්ස් (X) සමාජ ජාලයේ පණිවුඩයක් තබමින් කියා සිටියේය. ඉදිරියේ දී එවැනි තර්ජන  ඇති නොවන පරිදි, එම යානා නිරීක්ෂණය කර වහා නිෂ්ක්‍රීය කිරීමට පොලිසයට බලය පවරන බව ඔහු සඳහන් කරයි.

ඉකුත් සිකුරාදා (03) ජර්මනියේ දෙවන විශාලතම ගුවන් තොටුපොළ වන මියුනිච් ගුවන් තොටුපොළට ඉහළ අහසේ  පියාසර    කළ අනවසර ඩ්‍රෝන යානා හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට සහ ප්‍රමාද කිරීමට සිදු විය. ඉන්, ගුවන් මගීන් 10,000කට අධික පිරිසක් පීඩාවට පත් වූහ. එම සිදුවීමෙන්  අනතුරුව ඒ සම්බන්ධයෙන් නව නීති පැනවීමට ජර්මානු රජය පියවර ගත්තේය.

ඉකුත් සතියේ ජර්මනියට ඉහළ අහසේ අනවසර ඩ්‍රෝන යානා පියාසර කිරීම පිටුපස රැසියාව සිටින බව චාන්සලර් මර්ස් චෝදනා කරයි.

ඒවා, ඔත්තු බැලීම පිණිස  යොදා ගත් නිරායුද  ඩ්‍රෝන යානා බව ද අනාවරණය වී තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/8/2025


සබැඳි පුවත් :

Germany to allow police to shoot down drones

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනවසර ඩ්‍රෝන බිම හෙළීමට ජර්මානු පොලිසියට අවසර | The Leader