BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා සාම සැලැස්මේ මුල් අදියරට අත්සන් තැබේ

T

The Leader Desk

October 9, 2025 • 4:32 AM

ගාසා සාම සැලැස්මේ මුල් අදියරට අත්සන් තැබේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ 67,000කට අධික පිරිසකට මරු කැඳවමින් පුරා දෙවසරක් සිදුකළ ම්ලේච්ඡ යුද්ධය නතර කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟත්වය ප්‍රකාශ කරයි.
  • එහි මුල් අදියර යටතේ ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සහ දෙපාර්ශ්වය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන රැඳවියන් වහා නිදහස් කිරීමට පියවර ගනු ඇත.
  • දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය ළමුන් සංඛ්‍යාව 22,000 ඉක්මවයි.
  • ට්‍රම්ප් සාම සැලැස්ම මුළුමනින්ම සාර්ථක වුවහොත්, කලාපීය ගැටුමක් තෙක් ව්‍යාප්ත වෙමින් ඇති ගාසා අර්බුදයට අන් කවරදාක  හෝ නොවූ විරූ තිරසර විසඳුමක් ලැබෙනු ඇතැයි, ගෝලීය දේශපාලන විචාරකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද කරුණු 20කින් යුත් සාම සැලැස්ම කොන්දේසි සහිතව ක්‍රියාවට නැංවේ.

එහි මුල් අදියර යටතේ ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සහ දෙපාර්ශ්වය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන රැඳවියන් වහා නිදහස් කිරීමට පියවර ගනු ඇත. දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය ළමුන් සංඛ්‍යාව 22,000 ඉක්මවයි.

gaza11

ට්‍රම්ප් සාම සැලැස්ම මුළුමනින්ම සාර්ථක වුවහොත්, කලාපීය ගැටුමක් තෙක් ව්‍යාප්ත වෙමින් ඇති ගාසා අර්බුදයට අන් කවරදාක  හෝ නොවූ විරූ තිරසර විසඳුමක් ලැබෙනු ඇතැයි, ගෝලීය දේශපාලන විචාරකයෝ පවසති.

එහෙත්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය විසින් ඊයේ (08) එළැඹුණු ගිවිසුම ඉතා කෙටි වූ,  තවමත් නොවිසඳුණු සංවේදී ගැටළු කිහිපයකින් සමන්විත වූවකි. එය කුමන මොහතක හෝ යළි බිඳවැටිය හැකි බවට දෙපාර්ශ්වය සතු සැකය බිඳකුදු හීන නොවේ.

 

2025 10 09T033403Z 2 LYNXNPEL9803E RTROPTP 4 ISRAEL PALESTINIANS TRUMP

ඉතිරි සියළු  ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමෙන් අනතුරුව ඊශ්‍රායලය, ගාසා යුද්ධය යළි අරඹන බවට හමාස් සංවිධානය දැඩි සැකයේ පසුවේ. එබැවින්, ජනපති ට්‍රම්ප්ගේ ගිවිසුම සම්බන්ධයෙන් හමාස් පාර්ශ්වයෙන් කොන්දේසි රැසක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, එහි ප්‍රධාන මැදහත් කරු ලෙස එක්සත් ජනපදය, ඒ සම්බන්ධයෙන් වග විය යුතු බව හමාස් අවධාරණය කරයි.

2023 ඔක්තෝබර 07 දා, ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත හමාස් ත්‍රස්තයින් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග ගාසා යුද්ධය ආරම්භ විය. එදින ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ නිරායුධ සිවිල් පුද්ගලයින් 1200ක් ඝාතනය වූ අතර 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත් විය.

Reactions after Trump announced that Israel and Hamas agreed on the first phase of a Gaza ceasefire

මීට පෙර එළැඹි ඉතා කෙටි සටන් විරාම ගිවිසුමේදී ඉන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය කටයුතු කළ අතර හුවමාරු වශයෙන්, ඊශ්‍රායල හමුදා භාරයේ පසු වූ පලස්තීන සිරකරුවන් කිහිප දෙනෙක් ද නිදහස් කෙරිණි. මේ වනවිට, හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා අතුරින් ජීවතුන්  අතර සිටින්නේ 20 දෙනකු පමණක් බව  සඳහන්ය.

images 2025 10 09T095846.238
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, සාම සැලැස්මේ මුල් අදියරට එකඟත්වය පළ කරමින් ඊට අත්සන් තැබීම පිලිබඳ බෙහෙවින් සතුටට පත් වන බව ජනපති ට්‍රම්ප් පැවසීය.

 එම මුල් අදියර යටතේ හමාස් භාරයේ පසුවන සියළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙන අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ යම් සීමාවක් තෙක් පසු බසිනු ඇත.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/9/2025

මුලාශ්‍රය :

Israel and Hamas agree to Gaza ceasefire and return of hostages

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...