BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන ඉන්ධන බෙදාහරින්නන්ට එක්සත් ජනපද සම්බාධක

T

The Leader Desk

October 10, 2025 • 10:32 AM

ඉරාන ඉන්ධන බෙදාහරින්නන්ට එක්සත් ජනපද සම්බාධක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC), ඊයේ (09) ඉරානයේ ඛනිජ තෙල් සහ ඛනිජ රසායන අපනයනයන්ට එරෙහි පියවර, ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය.
  •   ඉරානයේ බලශක්ති අපනයන යාන්ත්‍රණය සම්බාධක මගින් අක්‍රීය කිරීමත් සමග ඉරානය වෙත ගලා යන මූල්‍ය ප්‍රවාහය අඩපණ වන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent)  පවසයි.
  • ජනපති ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් නව රජය ගත් එම පියවර, එක්සත් ජනපදයට තර්ජනයක් වන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අරමුදල් සපයන ඉරාන පාලන තන්ත්‍රය වෙත එල්ල වූ මරු පහරක් බව ද ඔහු කියා සිටී.
  • ඉරාන තෙල් අපනයනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඉලක්ක කර ඉකුත් ජුලි සහ අගෝස්තු මාසවල ද එක්සත් ජනපදය සම්බාධක පැනවීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ඉරාන තෙල් සහ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) විකිණීම සහ ඉරානයෙන් නැව්ගත කිරීම සඳහා පහසුකම් සපයන පුද්ගලයින්, ආයතන සහ නෞකා 50 කට අධික සංඛ්‍යාවකට සම්බාධක  පනවා තිබේ. එම  ක්‍රියාකාරීන් ඇතුළු ආයතන, සාමූහිකව ඩොලර් බිලියන ගණනක ඛනිජ තෙල් සහ ඒ  ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මඟින් ඉරාන පාලන තන්ත්‍රයට දැවැන්ත ආදායම් සහ ප්‍රතිලාභ එක්  කරමින් ඒ ඔස්සේ,  එක්සත් ජනපදයට තර්ජන එල්ල කරන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය ලබා දෙන බව එක්සසත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක ඉරාන ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහරින ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ප්‍රවාහන ජාලයක්, ඉන්ධන ප්‍රවාහන නෞකා 24කට අධික  සෙවනැලි  යාත්‍රා මුළුවක්, චීනයේ  පිහිටි  බොරතෙල් පර්යන්තයක් සහ පුද්ගලික අංශය සතු කුඩා තෙල් පිරිපහදුවක් ඉලක්ක කර එම පියවර ක්‍රියාත්මකය.

 

scotte

ඉරානයේ බලශක්ති අපනයන යාන්ත්‍රණය සම්බාධක මගින් අක්‍රීය කිරීමත් සමග ඉරානය වෙත ගලා යන මූල්‍ය ප්‍රවාහය අඩපණ වන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent)  පවසයි. ජනපති ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් නව රජය ගත් එම පියවර, එක්සත් ජනපදයට තර්ජනයක් වන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අරමුදල් සපයන ඉරාන පාලන තන්ත්‍රය වෙත එල්ල වූ මරු පහරක් බව ද ඔහු කියා සිටී.

ඉරාන ඉන්ධන නිෂ්පාදන මිලදී ගන්නා චීන පිරිපහදු මධ්‍යස්ථාන ද ඉලක්ක කර ට්‍රම්ප් රජය මගින් පනවන ලද සම්බාධකවල සිව්වන වටය මෙය වේ. ඉරාන තෙල් අපනයනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඉලක්ක කර ඉකුත් ජුලි සහ අගෝස්තු මාසවල ද එක්සත් ජනපදය සම්බාධක පැනවීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි මාර්කන් වයිට් සමාගම (Markan White Trading Crude Oil Abroad Co. L.L.C) සහ ස්ලෝගල් එනර්ජි (Slogal Energy DMCC) සමාගම, ද ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG) විකිණීමේ සහ නැව්ගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන පාර්ශ්වකරුවන් බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමිතා පෙට්‍රොකෙමිකල් සමාගම (Amita Petrochemical Trading L.L.C ) අවම වශයෙන් 2023 සිට, ඉරාන පෙට්‍රො රසායන තැරැව්කරුවකු වන පර්සියන් ගල්ෆ් පෙට්‍රොකෙමිකල් (Persian Gulf Petrochemical Industry Commercial Co  - PGPICC) මගින් ඉන්දන නිෂ්පාදන මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත්, අමිතා පෙට්‍රොකෙමිකල් සමාගම විසින්, ඔවුන් වෙනුවෙන් PGPICC සමාගම ඔස්සේ කෙරෙන ඉදිරි ගනුදෙනු පිණිස 2024 දී මාර්කන් වයිට්  සමාගම ස්ථාපිත කරගත් බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි.

 

treasuryඑක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු

පසුගිය  වසර අගභාගයේ ආසියානු රටවල් කිහිපයක් වෙත, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG) අපනයනය කිරීමට PGPICC සහ මාර්කන් වයිට් යන සමාගම් විසින් ස්ලෝගල් සමාගමේ සහාය ලබා ගත්  බව ද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි. ඒ අනුව, පසුගිය වසරේ සහ මෙම වසරේ එම  රටවල්  වෙත අපනයනය කෙරුණේ ස්ලෝගල් සමාගම මගින් මිලදී ගත් ඉන්දන තොග බව එම වෙබ් අඩවිය කියා සිටී. 

ශ්‍රී ලංකාව,  බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය සහ යේමනය ද ඉරාන ඉන්ධන හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන රටවල් අතර  වෙති.

මෙම වසර මුල බංග්ලාදේශය විසින් ඉරාන එල්.පී.ගෑස් මෙට්‍රික් ටොන් 17,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබේ.
 
(සටහන | එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/9/2025

මුලාශ්‍ර :

Treasury Dismantles Key Elements of Iran’s Energy Export Machine
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...