BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා වාසීහු විනාශ වී ගිය ගම් බිම් වෙත යළි පැමිණෙති

T

The Leader Desk

October 11, 2025 • 4:08 PM

ගාසා වාසීහු විනාශ වී ගිය ගම් බිම් වෙත යළි පැමිණෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊයේ (10) සිට දස දහස් සංඛ්‍යාත පලස්තීනුවෝ යුද්ධයෙන් විනාශයට පත්
  •   උතුරේ, වෙරළ තීරයේ ඔස්සේ විශාල මිනිස් තීරයක් ගාසා නගරය වෙත පා ගමනින් ලඟා වෙමින් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
  • ගාසා නගරය එම තීරයේ ඇති සුවිසල්ම නාගරික කලාපය වේ.
  • ගාසා නගරය, යුද්ධයේ අවසන් ඉලක්කය ලෙස හඳුනා, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ඒ වෙත ප්‍රහාර එල්ල කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය ගම්  බිම් බලා යළි පැමිණෙමින් සිටිති.

අදියර කිහිපයකින් යුත් ගාසා සාම යෝජනාවලිය යටතේ එළැඹි සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමග, ඊශ්‍රායල හමුදා පියවර කිහිපයක් පසු බැසීමට කටයුතු කළහ.  

උතුරේ, වෙරළ තීරයේ ඔස්සේ විශාල මිනිස් තීරයක් ගාසා නගරය වෙත පා ගමනින් ලඟා වෙමින් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

ගාසා නගරය එම තීරයේ ඇති සුවිසල්ම නාගරික කලාපය වේ. සටන් විරාමය ආරම්භ වන තෙක්ම, එය ඊශ්‍රායල හමුදාවල දැඩි ප්‍රහාරයන්ට නතු වෙමින් පැවතිණ. ගාසා නගරය, යුද්ධයේ අවසන් ඉලක්කය ලෙස හඳුනා, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ඒ වෙත ප්‍රහාර එල්ල කළහ.  

දකුණේ, ඛාන් යුනිස් වෙත, පලස්තීනුවන් විශාල පිරිස් නිහඬව ගමන් ගන්නා දසුන හද කම්පා කරවන බව විදෙස් මාධ්‍ය පවසයි. ඛාන් යුනිස්, ගාසා තීරයේ දෙවන විශාලතම නාගරිකයයි.

ඊශ්‍රායල හමුදා පසු බැසීමෙන් අනතුරුව, ගාසා තීරයේ තැනින් තැන විසිරි මළ සිරුරු සිය ගණනක් සොයා ගත්  බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

සටන් විරාමයේ මූලික ගිවිසුම් ප්‍රකාරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් තවමත් සිදුවී නැත.

"දැන් දෙගොල්ලන්ටම හති.. බය වෙන්න එපා, ඕක නවතීවි," ජනපති ට්‍රම්ප් එසේ පවසන්නේ සටන් විරාමයේ තිරසර බව පිලිබඳ මනා අවබෝධයෙන්දැයි, විචාරකයෝ අසති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/11/2025

මුලාශ්‍රය :

Gazans trek to ruined homes as Israeli forces pull back under ceasefir

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...