ජීවිතක්ෂයට පත්ව ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
ඇෆ්ගනිස්ථානයේ බලය තලිබාන් කැරලිකරුවන් අත පත්වීමෙන් අනතුරුව අසල්වැසි දෙරට අතර ඇවිළි දරුණුතම සන්නද්ධ ගැටුම මෙයැයි සැලකේ.
ගැටුම් වලින් පාකිස්ථාන සෙබළු 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව එරට ආරක්ෂක අංශ පවසයි.
තලිබාන් සෙබළු 9 දෙනකු ඝාතනය වූ බව ඇෆ්ගනිස්ථාන රජය කියයි. එහෙත්, තලිබාන් සන්නද්ධ සාමාජිකයින් සහ ඔවුන්ට අනුබල දෙන කැරලිකරුවන් 200කට අධික පිරිසක් ඝාතනය කළ බව පාකිස්ථානය පවසයි.
සිය සටන් කරුවන් විසින් පාකිස්ථාන හමුදා භටයින් 58 දෙනෙක් ඝාතනය කළ බව තලිබාන් රජය කියා සිටී.
මෑතකදී පාකිස්ථානයේ ගැටුම් ඇතිකළ තලිබාන් සටන් කරුවන් ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි, එරට රජය තලිබාන් පාලනයෙන් ඉල්ලීමත් සමග දෙපාර්ශ්වය අතර නොසන්සුන්කාරී වාතාවරණය උත්සන්න විය.
ඉකුත් බ්‍රහස්පතින්දා (09) ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවරට සහ නැගෙනහිර පිහිටි වෙළඳපොල පරිශ්‍රයකට පාකිස්ථාන ගුවන් හමුදාව බෝම්බ හෙළීය. පිළිතුරු ලෙස ඇෆ්ඝන් හමුදා සෙනසුරාදා (11) පාකිස්ථාන දේශ සීමා වෙත ප්‍රහාර එල්ල කළහ. ඊට ප්‍රතිචාර වශයෙන් පෙරළා වෙඩි තැබූ බව පාකිස්ථාන සන්නද්ධ අංශ සඳහන් කරයි. එම ගැටුම්වලින් දෙපසේම දේශ සීමා මුරපොළ රැසක් විනාශ වීඇතයි වාර්තා වේ.
අද උදෑසන තෙක් එම ගැටුම් පැවති බව විදෙස් මාධ්‍ය පවසයි.
කටාර් රාජ්‍යයේ සහ සෞදි අරාබි රජයේ ඉල්ලීම මත සටන් නතර කළ බව ඇෆ්ඝනිස්ථානය කියයි.
2021 වසරේ ඇෆ්ඝනිස්ථාන පාලනය තලිබාන් සංවිධානය අතට පත් විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/12/2025
මුලාශ්‍රය :