BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල - හමාස් සටන් විරාමයට තෙදිනක් පිරේ

T

The Leader Desk

October 12, 2025 • 5:28 PM

ඊශ්‍රායල - හමාස්  සටන් විරාමයට තෙදිනක් පිරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමයට අදට (12) තෙදිනක් සම්පූර්ණ වේ.
  • වත්මන් සටන් විරාමය, ගාසා යුද්ධය අවසන් කරනු ඇතැයි අපේක්ෂාවෙන්  ඔවුහු විනාශ වී ගිය සිය ගම් බිම් බලා ලඟා වෙමින් සිටිති.
  • හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනකු හෙට (13) උදෑසන නිදහස් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසයි.
  • හමාස් භාරයේ සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා අතුරින් ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බව මීට පෙර වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගිවිසුම් ප්‍රකාරව දෙපාර්ශ්වය අතර ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරුව තව දුරටත් අපේක්ෂාවේ පවතී.

මේ අතර දහස් සංඛ්‍යාත අවතැන් පලස්තීනුවෝ ගාසා නගරය බලා උතුරු දෙසට ගමන් කරමින් සිටිති.

වත්මන් සටන් විරාමය, ගාසා යුද්ධය අවසන් කරනු ඇතැයි අපේක්ෂාවෙන්  ඔවුහු විනාශ වී ගිය සිය ගම් බිම් බලා ලඟා වෙමින් සිටිති. පසු ගිය මාස කිහිපය පුරාවට ගාසා නගරය දැඩි ඊශ්‍රායල ප්‍රහාර වලට නතු වෙමින් පැවතිණ.

හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනකු හෙට (13) උදෑසන නිදහස් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසයි. හමාස් භාරයේ සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා අතුරින් ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බව මීට පෙර වාර්තා විය.

2023 ඔක්තෝබර 07 දා ඊශ්‍රයලේ කිබුට්ස් වෙත එල්ල කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත් විය. ඉන් කිහිප දෙනකු මීට පෙර පැවති කෙටි සටන් විරාමයක් අතරතුර නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය.

හමාස් භාරයේ සිටියදී මිය ගිය සහ එසේ මියගොස් දැනට හමාස් භාරයෙන් අතුරුදන්ව පවතින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු සොයා ගැනීමට විශේෂිත මෙහෙයුමක්  දියත් කරන බව ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු සම්බන්ධීකාරක ගැල් හර්ෂ් (Gal Hirsch)  පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/12/2025

මුලශ්‍රය:

Ceasefire holds in Gaza ahead of hostage release and Trump's visit to Israel

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල - හමාස් සටන් විරාමයට තෙදිනක් පිරේ | The Leader