BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇමරිකාවේ තීරුබදු ඉහළ දැමීමට චීනයෙන් ප්‍රතිචාර

T

The Leader Desk

October 13, 2025 • 5:32 AM

ඇමරිකාවේ තීරුබදු ඉහළ දැමීමට චීනයෙන් ප්‍රතිචාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගත ව තීරුබදු පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.
  • මෙම ක්‍රියාව, චීන රජය නීති-රීති වලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්‍රියාමාර්ගයක් බවයි සඳහන් වුණේ.
  • ඊට ‍එරෙහිව, ඇමරිකාව 10 වන දා ප්‍රකාශ කළේ චීනයට එරෙහිව 100% ක් දක්වා තීරුබදු පනවන බව සහ සිය සියලු ප්‍රධාන මෘදුකාංග අපනයන පාලනය කරනු ඇති බවයි.
  • මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසුවේ ඇමරිකාවේ මෙම පියවර ව්‍යවසායයන් හි යුක්තිගරුක හා නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ද හානිකර බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය දුර්ලභ ඛනිජ අපනයන සීමා කිරීම සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් දැනුම් දීම පසුගිය 09 වැනිදා චීනය සිදු කළ බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ (12) පැවසුවා. මෙම ක්‍රියාව, චීන රජය නීති-රීති වලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්‍රියාමාර්ගයක් බවයි සඳහන් වුණේ.

ඊට ‍එරෙහිව, ඇමරිකාව 10 වන දා ප්‍රකාශ කළේ චීනයට එරෙහිව 100% ක් දක්වා තීරුබදු පනවන බව සහ සිය සියලු ප්‍රධාන මෘදුකාංග අපනයන පාලනය කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසුවේ ඇමරිකාවේ මෙම පියවර ව්‍යවසායයන් හි යුක්තිගරුක හා නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ද හානිකර බවයි. එබැවින් සිය වැරදි නිවැරදි කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

මෙන් ම ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් තම පූර්ණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ක්‍රියා කරන බව ද චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කළා.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...