BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැඩගස්කර ජනපති රටින් පලා යයි?

T

The Leader Desk

October 13, 2025 • 12:04 PM

මැඩගස්කර ජනපති රටින් පලා යයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරයේ පුරා දෙසතියකට ආසන්න කාලයක් ක්‍රියාත්මක ජෙන් - සී (Gen Z) තරුණ අරගලයට ඊයේ (12) සන්නද්ධ හමුදා සාමාජික පිරිසක් ද එක් වූහ.
  • 2009 වසරේ කුමන්ත්‍රණයකින් වත්මන් ජනපති ඇන්ඩ්‍රි රජොලීනා (Andry Rajoelina) ට බලය අල්ලා ගැනීමට සහාය දැක්වූ මැඩගස්කර හමුදාවේ 'කැප්සැට්' (CAPSAT) ඒකකයම මෙවර ඔහුට එරෙහිව අරගලකරුවන්ට එක්වීමට තීරණය කිරීම විශේෂත්වයකි.
  •     බිම්මට්ටමේ අරගලකරුවන් විසින් ඉකුත් සැප්තැම්බර 25 දා දියත් කෙරුණු මැඩගස්කර අරගලය 2023 පැවති අවසන් මැතිවරණයෙන් පසු ජනපති රජෝලීනා මුහුණපා ඇති දැවන්තතම අභ්‍යන්තර අරගලය බව පැවසේ.
  • රටේ සමස්ත ආරක්ෂක මෙහෙයුම් සිය භාරයේ පවතින බව අවධාරණය කළ 'කැප්සැට්' සාමාජිකයෝ, ඒ සම්බන්ධයෙන් රට තුළ සියලු හමුදා ඒකක සම්බන්ධීකරණය කරමින් සිටින බව පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සමග, විශේෂ නිවේදනයක් නිකුත් කළ එරට ජනාධිපති කාර්යාලය, රට තුළ රාජ්‍යය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි නිවේදනය කළේය.

2009 වසරේ කුමන්ත්‍රණයකින් වත්මන් ජනපති ඇන්ඩ්‍රි රජොලීනා (Andry Rajoelina) ට බලය අල්ලා ගැනීමට සහාය දැක්වූ මැඩගස්කර හමුදාවේ 'කැප්සැට්' (CAPSAT) ඒකකයම මෙවර ඔහුට එරෙහිව අරගලකරුවන්ට එක්වීමට තීරණය කිරීම විශේෂත්වයකි. එරට හමුදාවේ, පරිපාලන, කාර්ය මණ්ඩල සහ තාක්ෂණික සේවා ඒකකය 'කැප්සැට්' නමින් හැඳින්වේ. රාජ්‍ය අණ නොතකා අරගලයට එක්වන්නැයි සිය හාමුදා සාමාජිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුහු අරගලයට එක් වී සිටිති.  

 

බිම්මට්ටමේ අරගලකරුවන් විසින් ඉකුත් සැප්තැම්බර 25 දා දියත් කෙරුණු මැඩගස්කර අරගලය 2023 පැවති අවසන් මැතිවරණයෙන් පසු ජනපති රජෝලීනා මුහුණපා ඇති දැවන්තතම අභ්‍යන්තර අරගලය බව පැවසේ.

රටේ සමස්ත ආරක්ෂක මෙහෙයුම් සිය භාරයේ පවතින බව අවධාරණය කළ 'කැප්සැට්' සාමාජිකයෝ, ඒ සම්බන්ධයෙන් රට තුළ සියලු හමුදා ඒකක සම්බන්ධීකරණය කරමින් සිටින බව පැවසූහ. එම ඒකකයේ  මූලස්ථානය, මැඩගස්කර අගනුවර වන  අන්ටනනරීවෝ (Antananarivo) ආසන්නයේ පිහිටා තිබේ.

එරට හමුදා ඇකඩමියේ හිටපු ප්‍රධානී ජෙනරාල්  දෙමොස්තිනේ පිකුලස් ( General Demosthene Pikulas) නව හමුදාපති වශයෙන් පත් කළ බව ද ඔවුහු පවසති.  

mm4m567

රාජ්‍ය ආරක්ෂාව පිණිස කටයුතු කරමින් පොලිසිය හා එක්ව තරුණ කැරැල්ල මර්ධනයට එක්වූ රජයට අයත් තවත්  සන්නද්ධ පාර්ශවයක් ද ඊයේ එම ආරක්ෂක කටයුතු වලින් ඉවත් ව කැරලිකරුවන්ට එක් විය.

රාජ්‍යය පැහැර  ගැනීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි සිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කළ ජනපති කාර්යාලය වහා සාකච්ඡා පිණිස එක්වන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. සියලු ස්වදේශ කටයුතු  තමා සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ  පාලනය යටතේ තවදුරටත් පවතින බව රජෝලීනා නිවේදනය කළේය. එහෙත්, මේ වන විටත්,  ඔහු රටින් පලා ගොස් ඇති බවට අනුමාන කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/13/2025

මුලාශ්‍රය :

Madagascar president warns of coup attempt as more soldiers join protests

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...