BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැඩගස්කරයේ 'එහෙම වෙන්නෙ ඇයි?'

T

The Leader Desk

October 14, 2025 • 9:43 AM

මැඩගස්කරයේ 'එහෙම වෙන්නෙ ඇයි?'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ රජයේ දූෂණ, වංචා සහ සමාජ ජීවන ගැටළු මුල් කරගත් දැවන්ත, දීප ව්‍ය්පාප්ත ජෙන් - සී (Gen Z) තරුණ අරගලයක් තෙක් වර්ධනය විය.
  •     ඇන්ඩ්‍රි රජෝලීනා තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා පසුගිය ඉරිදා (05) ම රටින් පලා ගිය බව ඊයේ අනාවරණය විය.
  • ඔහු ප්‍රංශ හමුදා හෙලිකොප්ටරයකින් පලා ගිය බවට ඇසින් දුටු සාක්ෂි ඇතැයි ද වාර්තා වේ.
  • පසු ගිය 16 වසර පුරාම පාලක පක්ෂය සිදු කළේ සිය 'මඩිය  තර' කර ගැනීම පමණකැයි තරුණ උද්ඝෝෂකයෝ කියා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) ට ධුරය අතහැර යන ලෙස බල කරමින් ඊයේ (13) ද එරට අගනුවර වන අන්ටනනරීවෝ (Antananarivo) හි දහස් සංඛ්‍යාත තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් අඛණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.  

 

ඇන්ඩ්‍රි රජෝලීනා
තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා පසුගිය ඉරිදා (05) ම රටින් පලා ගිය බව ඊයේ අනාවරණය විය. පලා ගිය ද ඔහු ජනපති ධුරයෙන් තවමත් ඉවත් වී නැත. ඔහු ප්‍රංශ හමුදා හෙලිකොප්ටරයකින් පලා ගිය බවට ඇසින් දුටු සාක්ෂි ඇතැයි ද වාර්තා වේ.

පසු ගිය 16 වසර පුරාම පාලක පක්ෂය සිදු කළේ සිය 'මඩිය  තර' කර ගැනීම පමණකැයි තරුණ උද්ඝෝෂකයෝ කියා සිටිති. මැඩගස්කරයේ බහුතර ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙමින් ඇතැයි ද, ඉන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ ජෙන් - සී තරුණ ප්‍රජාව බව ද ඔවුහු පවසති.

එරට සාමාන්‍ය හෝටල් සේවකයකුගේ වත්මන් මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 67ක් පමණ වේ. එය, පුද්ගල මාසික ආහාර වියදමවත් පිරිමසා ගැනීමට නොහැකි තත්ත්වයකි.



මැඩගස්කරයේ ජනගහන බෙදුම් රේඛාව වයස අවුරුදු 20න් පහළ පවතී. ඒ අනුව, එරට සමස්ත ජනගහනය මිලියන 30ක් පමණ වේ. ප්‍රංශ කොලනියක්ව පැවති මැඩගස්කරය 1960 දී නිදහස ලැබීය. එතැන් සිට 2020 දක්වා එරට ඒක පුද්ගල ආදායම 45% තෙක් පහත වැටී ඇතැයි, ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි.

සැප්තැම්බරයේ හටගත් මැඩගස්කර තරුණ අරගලයෙන් අවම වශයෙන් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත් විය.

ඉරිදා (05) රටින් පලා යාමට මත්තෙන් ජනපති රජෝලීනා තවත් එක්  රාජකාරියක් නම්  සිදු කළේය. එනම්, සිර භාරයේ සිටි පුද්ගලයින් දෙදෙනකු ජනාධිපති සමාව දී නිදහස් කිරීමය. එසේ සමාව ලද්දේ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකි. පෝල් මෙයිලොට් රෆානෝහරානා (Paul Maillot Rafanoharana) සහ   ෆ්‍රැන්ස්වා මාර්ක් ෆිලිප් ( Francois Marc Philippe) නම් එම දෙදෙනා රජයට එරෙහි කුමන්ත්‍රණ සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලීමේ චෝදනාව යටතේ 2021 දී අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනෙකි.  

mada uudf

 

පලා ගිය මැඩගස්කර ජනපති සහ වත්මන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් අතර රහස් ගිවිසුමක් ක්‍රියාත්මක වන බවට ද චෝදනා පවතී. ජනපති රජෝලීනාට පලා යාමට ප්‍රංශය සහාය දැක්වූයේද යන්න සම්බන්ධයෙන් හදිසියේ යමක්  පැවසිය නොහැකි යැයි, ප්‍රංශ ජනපති ඊයේ ඊජිප්තුවේදී පැවසීය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/14/2025

මුලාශ්‍රය :

Madagascar's president has left the country after Gen Z protests, officials say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...