BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක්; මාධ්‍යවේදීනුත් එක්වේ

T

The Leader Desk

October 14, 2025 • 11:29 AM

ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක්; මාධ්‍යවේදීනුත් එක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කෙරිණි. යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණවලට එරෙහිව එම වැඩ වර්ජනය ක්‍රියාත්මකය. වැඩ වර්ජනය හේතුවෙන් ග්‍රීක නෞකා සහ දුම්රිය සේවා සියල්ල අකර්මන්‍යව පවතී.
  • එමෙන්ම, පුද්ගලික අංශයේ වාර්ෂික සේවක නිවාඩු ද නව පනතින් සංශෝධනය කෙරේ.
  •   රට තුළ වඩාත් ඵලදායී සහ නම්‍යශීලී සේවක වෙළඳපොළක් බිහි කිරීමේ අරමුණින් නව පනත ඉදිරිපත් කෙරෙන බව ග්‍රීක රජය පවසයි.
  • එමෙන්ම, නව පනත, අතිකාල සේවයේ යෙදීම ප්‍රතික්ෂේප කරන සේවකයින් සේවයෙන් පහකිරීමේ අවදානමින් ආරක්ෂා කරන බව ද රජය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගලික අංශ සේවකයින් ද නියමිත දෛනික සේවා පැය ඉක්මවා සේවයේ යෙදවීම බලාත්මක කෙරේ.

රාජ්‍ය සහ පුද්ගලික අංශ වෘත්තීය සමිති එක්ව එක් මසක් තුළ එරට දෙවන වරටත් සංවිධානය කෙරෙන සුවිසල්ම වැඩ වර්ජනය මෙය වේ.

gree23423

 

යෝජිත කම්කරු පනත මෙම සතියේ එරට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

අද වැඩ වර්ජනයට එරට රෝහල් වෛද්‍යවරු සහ රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවේදීහු ද  ද එක්ව සිටිති. සියලු විරෝධතා කරුවෝ  මධ්‍යහ්නය වන විට  ග්‍රීක පාර්ලිමේන්තුව වෙත පෙළපාලියෙන් ගමන් කිරීමට සූදානම් ව සිටිති.

නව කම්කරු ප්‍රතිසංස්කරණ යටතේ හාම්පුතුන්ට සිය සේවකයින්, නියමිත දෛනික රාජකාරි පැය ඉක්මවා අනිවාර්ය සේවයේ යෙදවීමට  සහ කෙටිකාලීන කුලී පදනම මත සේවකයින් අනුයුක්ත කිරීමට ද අවසර හිමි වේ. එමෙන්ම, පුද්ගලික අංශයේ වාර්ෂික සේවක නිවාඩු ද නව පනතින් සංශෝධනය කෙරේ.

gree934534

 

රට තුළ වඩාත් ඵලදායී සහ නම්‍යශීලී සේවක වෙළඳපොළක් බිහි කිරීමේ අරමුණින් නව පනත ඉදිරිපත් කෙරෙන බව ග්‍රීක රජය පවසයි. එමෙන්ම, නව පනත, අතිකාල සේවයේ යෙදීම ප්‍රතික්ෂේප කරන සේවකයින් සේවයෙන් පහකිරීමේ අවදානමින් ආරක්ෂා කරන බව ද රජය කියයි.

එහෙත්, නව පනත මගින් කම්කරු අයිතීන් උල්ලංඝනය කෙරෙන බව වෘත්තීය සමිති චෝදනා කරති. යුරෝපා සංගමයට අයත් අනෙකුත් රටවලට සාපේක්ෂව ග්‍රීසියේ පුද්ගල වේතන පහල අගයක පවතී.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/14/2025

මුලාශ්‍රය :

Greek strike against labour reforms disrupts transport, services

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...