BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හිටපු සිරියානු ඒකාධිපතියා නීති විරෝධී සමූහ සුසානයක් රහසේම අස්ථාන කරලා; රොයිටර්ස් විමර්ශනයක් කියයි

T

The Leader Desk

October 15, 2025 • 9:29 AM

හිටපු සිරියානු ඒකාධිපතියා නීති විරෝධී සමූහ සුසානයක් රහසේම අස්ථාන කරලා; රොයිටර්ස් විමර්ශනයක් කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරියාවේ අසාද් රජය, නීති විරෝධී සමූහ මිනී වළක් අස්ථාන කිරීමට දෙවසරක රහසිතගත මෙහෙයුමක් දියකර ඇති බවට තොරතුරු අනාවරණ වේ යැයි, රොයිටර්ස් පුවත් සේවය නවතම වාර්තාවකින් කියා සිටී.
  •   රොයිටර්ස් පුවත් සේවය ඒ පිලිබඳ සිදු කළ විශේෂ විමර්ශනයකදී, එම සිදුවීම සම්බන්ධයෙන් සෘජුව කරුණු දත් පුද්ගලයින් 13 දෙනකු හා සිදු කළ සම්මුඛ සාකච්ඡාවලදී මෙම තොරතුරු මුලින්ම  අනාවරණය කර ගත්  බව, එම පුවත් සේවය පවසයි.
  • ඒ අනුව, අසාද් රජය, කුටේෆා සමූහ සුසානයේ වූ පුද්ගල මළ සිරුරු හා  කොටස් නව රහස් සමූහ සුසානයක් වෙත ප්‍රවාහනය කිරීමේ දෙවසරක මෙහෙයුමක් දියත් කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇත.
  • ජනපති අසාද් ගේ එම කූට මෙහෙයුම "භූමි විකාශන මෙහෙයුම" (Operation Move Earth) ලෙස නම් කර තිබූ බව ද එහිදී හෙළි  විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිරියාවේ කුප්‍රසිද්ධ සමූහ සුසාන කිහිපයක තිබූ  දහස් සංඛ්‍යාත පුද්ගල මළ සිරුරු, හුදෙකලා කාන්තාර ප්‍රදේශයක යළි වළ දැමූ බවට ඒ පිලිබඳ සිදු කළ විශේෂ විමර්ෂණයක දී අනාවරණයව ඇතැයි, එම පුවත් සේවය පවසයි.

සිරියාවේ හිටපු ජනපති, බෂාර් අල්-අසාද් ගේ හමුදාව විසින් එරට කුටේෆා (Qutayfah) හි පිහිටි සමූහ සුසානයක වූ  පුද්ගල දේහ කොටස් ධුමෙයිර් (Dhumair) නගරයෙන් පිටත පිහිටි කාන්තාරයක, දෙවන රහස් සමූහ සුසානයක් වෙත අස්ථාන කළ බවට තොරතුරු එතෙක් අනාවරණය වී නොතිබිණි.

 

asaad mg123
රොයිටර්ස් පුවත් සේවය ඒ පිලිබඳ සිදු කළ විශේෂ විමර්ශනයකදී, එම සිදුවීම සම්බන්ධයෙන් සෘජුව කරුණු දත් පුද්ගලයින් 13 දෙනකු හා සිදු කළ සම්මුඛ සාකච්ඡාවලදී මෙම තොරතුරු මුලින්ම  අනාවරණය කර ගත්  බව, එම පුවත් සේවය පවසයි. ඒ අනුව, අසාද් රජය, කුටේෆා සමූහ සුසානයේ වූ පුද්ගල මළ සිරුරු හා  කොටස් නව රහස් සමූහ සුසානයක් වෙත ප්‍රවාහනය කිරීමේ දෙවසරක මෙහෙයුමක් දියත් කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇත.

රොයිටර්ස් පුවත් සේවය මගින් ඊට සම්බන්ධ ලේඛන රැසක් සහ චන්ද්‍රිකා ඡායාරූප රැසක් ද සමීපව නිරීක්ෂණය කර තිබේ.

ජනපති අසාද් ගේ එම කූට මෙහෙයුම "භූමි විකාශන මෙහෙයුම" (Operation Move Earth) ලෙස නම් කර තිබූ බව ද එහිදී හෙළි  විය. එය, 2019 සිට 2022 තෙක් වූ දෙවසරක කාලය තුළ දියත් කර ක්‍රියාත්මක කරන ලද්දකි. ජනපති අසාද් විසින් සිය කෲර අපරාධ සහමුලින් සඟවා, යළි තම ප්‍රතිරූපය නංවාලීම පිණිස එම මෙහෙයුම සිදු කර තිබේ.

asaad 234234

 

රොයිටර්ස් පුවත් සේවය, සිය විමර්ශනය මගින් හෙළි කරගත් තොරතුරු රැසක් ඊයේ (14), වත්මන්  සිරියානු ජනපති, අහ්මෙඩ් අල්-ෂරා (Ahmed al-Sharaa) වෙත දැන්වීය. රජය, මෙතෙක් ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කෙසේවෙතත්, එම දෙවන සමූහ සුසානය ද අපරාධකරුවන් විසින් විනාශ කිරීමට යත්න දරතියි, අනුමානය මත, එහි පිහිටීම පිලිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් 'දැන්ම' අනාවරණය  කිරීමෙන් වැළකී සිටින බව එම පුවත් සේවය පවසයි.

ධුමෙයිර් හි කි.මී. 2 ක පමණ කාන්තාර වපසරියක, අගල් 32කින් යුත්  නව සමූහ සුසානය, සිරියානු සිවිල් යුද සමයේ සිදු කරන ලද මානව අපරාධ රැසක සුල මුල හෙළි කරනු ඇතැයි විශ්වාස කෙරේ.

අසාද් රජය, කුටේෆා හි පිහිටි මුල් සමූහ සුසානයේ පුද්ගල මළ සිරුරු වළ දැමීමේ මෙහෙයුම ආරම්භ කළේ, එරට සිවිල් යුද්ධය ඇරඹි  2012 වසරේ මුල් වකවානුවේදීය. ඒකාධිපති නායක අසාද් රජයේ සිර කඳවුරුවල ජීවිතක්ෂයට පත් හමුදා සෙබළුන් සහ තවත් සිරකරුවන් රැසකගේ මළ සිරුරු එහි තැන්පත්ව තිබිණ.

asad343

සිරියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයකු විසින් කුටේෆා සමූහ සුසානය පිලිබඳ කරුණු මුලින්ම අනාවරණය කෙරුණේ 2014 වසරේදීය. 2019 පෙබරවාරි මස සිට 2022 අප්‍රේල්  දක්වා වූ කාල සීමාව පුරා, සෑම සතියකම දින හතරක්,  රාත්‍රී කාලයේ, කැණීම් අපද්‍රවය සහ මානව සිරුරු කොටස් පිරවූ ට්‍රක් රථ අටකින්, කුටේෆා සිට ධුමෙයිර් දක්වා එම සමූහ සුසාන අස්ථාන මෙහෙයුම සිදු කර තිබේ.

asaadb56u

 

සිවිල් අරගලයකින් ඒකාධිපති අසාද් රජය ඉකුත් වසර අග බිඳ වැටීමත් සමග ජනපති බෂාර් අල්-අසාද් සහ ඔහුගේ සමීප සහචරයෝ රුසියාවට පලා ගියහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
10/15/2025

මුලාශ්‍රය :

Exclusive: Assad government secretly moved mass grave to cover up killings, Reuters investigation finds

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිටපු සිරියානු ඒකාධිපතියා නීති විරෝධී සමූහ සුසානයක් රහසේම අස්ථාන කරලා; රොයිටර්ස් විමර්ශනයක් කියයි | The Leader