BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඇෆ්ඝනිස්ථාන - පාකිස්ථාන ගැටුම් යළි ඇවිලේ

T

The Leader Desk

October 15, 2025 • 12:05 PM

ඇෆ්ඝනිස්ථාන - පාකිස්ථාන ගැටුම් යළි ඇවිලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ඝනිස්ථාන සහ පාකිස්ථාන හමුදා අතර අද (15) හටගත් ගැටුම් වලින් සිවිල් පුරවැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව තලිබාන් පාලනය පවසයි.
  • ඇෆ්ඝනිස්ථානයේ සැඟවී පාකිස්ථානය තුළ ගැටුම් ඇතිකරන සන්නද්ධ සටන්කරුවන් හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉස්ලාමාබාද් රජය තලිබාන් පාලනයට  බල කිරීමත් සමග, කලක් සමීප සන්ධානයේ පසු වූ, එම දෙරට අතර දැඩි විරසකයක් හටගෙන තිබේ.
  • එවැනි සන්නද්ධ සටන් කරුවන් ඇෆ්ඝනිස්ථානයේ නොවන බවට තලිබාන් පාලනය අවධාරණය කරයි.
  • අද ගැටුම් අතර පාකිස්ථාන හමුදා භටයන් විශාල පිරිසක් ඝාතනය කළ බව තලිබාන් හමුදාව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය සති අන්තයේ ද, දෙරට අතර හටගත් ගැටුම් මධ්‍යයේ සැලකිය යුතු පිරිසක් ඝාතනය වීමෙන් අනතුරුව පැවති කෙටි නිහැඬියාව අද නවතම ගැටුම් හමුවේ බිඳී යන්නේය.

ඇෆ්ඝනිස්ථානයේ සැඟවී පාකිස්ථානය තුළ ගැටුම් ඇතිකරන සන්නද්ධ සටන්කරුවන් හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉස්ලාමාබාද් රජය තලිබාන් පාලනයට  බල කිරීමත් සමග, කලක් සමීප සන්ධානයේ පසු වූ, එම දෙරට අතර දැඩි විරසකයක් හටගෙන තිබේ. එවැනි සන්නද්ධ සටන් කරුවන් ඇෆ්ඝනිස්ථානයේ නොවන බවට තලිබාන් පාලනය අවධාරණය කරයි.

අද ගැටුම් අතර පාකිස්ථාන හමුදා භටයන් විශාල පිරිසක් ඝාතනය කළ බව තලිබාන් හමුදාව කියයි. ඔවුන්ගේ මුරපොළ සහ හමුදා මධ්‍යස්ථාන රැසක් විනාශ කළ බවත්, පාකිස්ථාන හමුදාව සතු අවි ආයුධ රැසක් සහ යුද ටැංකි සිය භාරයට ගත් බවත්, ඔවුහු කියා සිටිති.


දේශ සීමා ආසන්නයේ එම ගැටුම්වලින් පුද්ගලයින් සිව් දෙනකු තුවාළ ලබා ඇතැයි පාකිස්ථාන හමුදාව කියයි.

අද උදෑසන ඇරඹි ගැටුම් පැය පහකට අධික කාලයක් අඛණ්ඩව පැවති බව වාර්තා වේ.

54jert

භූමියෙන් වට ඇෆ්ඝනිස්ථානය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයුම් සම්බන්ධීකරණය පාකිස්ථානය ඔස්සේ සිදු කෙරේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/15/2025

මුලාශ්‍රය :

New violence on Pakistan-Afghan border kills more than a dozen civilians, troops

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...