BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ගාසාහි සිවිල් ඝාතන නවතා වහා අවි බිම තබනු' ! - ඇමරිකාව හමාස් සංවිධානයට දැඩිව කියයි

T

The Leader Desk

October 16, 2025 • 4:49 AM

'ගාසාහි සිවිල් ඝාතන නවතා වහා අවි බිම තබනු' ! - ඇමරිකාව හමාස් සංවිධානයට දැඩිව කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ සිවිල් පුද්ගල ඝාතන නවතා, වහා අවි බිම තබන ලෙස එක්සත් ජනපද හමුදා ඊයේ (15) හමාස් සංවිධානයට දැනුම් දුන්හ.
  • ගාසා නගරයේ 'කල්ලියක' 30 දෙනකු හමාස් සංවිධානය විසින් ඝාතනය කළ බව පලස්තීන අධිකාරිය සඳුදා (12) දන්වා සිටියේය.
  •   හමාස් සංවිධානය අවි බිම තබන බවට මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශක් සිදු කර නැත.
  •   "භීෂණය සහ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම නවතා, වහා අවි බිම තබන ලෙස හමාස් සංවිධානයට අප තරයේ  ප්‍රකාශ කර සිටිනවා" යි, එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණ මූලස්ථානයේ ප්‍රධාන අණ දෙන නිලධාරී බ්‍රැඩ් කූපර් (Brad Cooper) සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් සිකුරාදා (10) සටන් විරාමය ක්‍රියාත්මක කිරීමත් සමග හමාස් සන්නද්ධ ක්‍රියාකාරීහු ගාසා තීරයේ පාලනය බලය යළි සියතට ගනිමින් සිටිති.

ඊශ්‍රායල හමුදාවන්ට සහාය පළ කළේ යැයි සැක පිට, පසුගිය දින කිහිපයේම ඔවුහු සිවිල් ඝාතන රැසක් සිදු කළහ. ගාසා නගරයේ 'කල්ලියක' 30 දෙනකු හමාස් සංවිධානය විසින් ඝාතනය කළ බව පලස්තීන අධිකාරිය සඳුදා (12) දන්වා සිටියේය.  

හමාස් සංවිධානය අවි බිම තබන බවට මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශක් සිදු කර නැත.

 



"භීෂණය සහ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම නවතා, වහා අවි බිම තබන ලෙස හමාස් සංවිධානයට අප තරයේ  ප්‍රකාශ කර සිටිනවා" යි, එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණ මූලස්ථානයේ ප්‍රධාන අණ දෙන නිලධාරී බ්‍රැඩ් කූපර් (Brad Cooper) සඳහන් කළේය.

මේ අතර, ගාසා තීරයේ ආරක්ෂාවට ජාත්‍යන්තර හමුදා බලකායක් පිටත් කර හැරීමට සැලසුම් කරන බව, එක්සත් ජනපදය ඊයේ නිවේදනය කළේය. එය, එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

 

457m4hgh

ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ගලා ඒම  ආරම්භ වීමත් සමග, රෆා කොරිඩෝව විවෘත කිරීමට ඊශ්‍රායල හමුදා පියවර ගනිමින් සිටිති. ගාසා තීරයේ ප්‍රධාන සේවා සැපයුම් මාර්ගය වැටී  ඇත්තේ රෆා කොරිඩෝව  හරහාය. හමාස් භාරයේ සිටියදී මිය ගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු වහා භාර දීමට කටයුතු නොකරන්නේ නම්, ආධාර සැපයුම් අවහිර කරන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කිරීමත් සමග, එම කටයුතු කඩිනම් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/16/2025

මුලාශ්‍රය :
US military tells Hamas to stop violence against Gaza civilians, disarm 'without delay'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...