BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'මින් මතු ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නේ නෑ' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

October 16, 2025 • 9:58 AM

'මින් මතු ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නේ නෑ' - ජනපති ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නැවත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
  • රුසියානු ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින ලෙස චීනයට ද බලපෑම් සිදු කරන බව එක්සත් ජනපද ජනපති පවසයි.
  • එක්සත් ජනපදය විසින් ඉන්දීය අපනයන වෙත 50% ක තීරු බදු පනවා ඇත.
  • රුසියාව සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් වන 25% ක නව දඩ ප්‍රතිශතයක් ද ඊට ඇතුලත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, තවත් නොබෝ කාලෙකින් රුසියාව සහ ඉන්දියාව අතර එම ගිවිසුම් අවසන් කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහතික කළ බව ජනපති ට්‍රම්ප් කියා සිටී.  

යුක්‍රේන ගැටුම අවසන් කිරීමට රුසියානු රජයට බල කරමින්, ඒ වෙත දැඩි පීඩනයක් එල්ල කරනු පිණිස එම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර බලශක්ති සහයෝගිතා ප්‍රවර්ධන සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරේ.

345byghfghfgh

 

ඉන්ධන සහ ගෑස් වෙළඳාම, රුසියාව සතු විශාලතම අපනයන කර්මාන්තය වේ. චීනය, ඉන්දියාව සහ තුර්කිය, රුසියාවේ විශාලතම ඉන්ධන ගැනුම්කරුවන්ය.

රුසියානු ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින ලෙස චීනයට ද බලපෑම් සිදු කරන බව එක්සත් ජනපද ජනපති පවසයි. ජපානයට ද එක්සත් ජනපදයෙන් එම බලපෑම් එල්ල වී තිබේ.

එක්සත් ජනපදය විසින් ඉන්දීය අපනයන වෙත 50% ක තීරු බදු පනවා ඇත. රුසියාව සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් වන 25% ක නව දඩ ප්‍රතිශතයක් ද ඊට ඇතුලත් වේ. රුසියාවෙන් ඉන්ධන සහ අවි මිල දී ගැනීමට එරෙහි සම්බාධක ලෙස එම පියවර ගත් බව ජනපති ට්‍රම්ප් කියා සිටී.

346bqayh

 

එක්සත් ජනපද බලපෑම් හමුවේ රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්වීපාර්ශ්වික සබඳතා ද අර්බුදයට ලක්වෙමින් ඇත.  

ඉන්දියාව ලොව පස්වන (5)  විශාලතම ආර්ථිකය වේ. ඊට විශාල වශයෙන් දායක වන රුසියානු බොරතෙල් මිලදී ගැනීම් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා රජය මෙතෙක් කටයුතු කළේය.

(සටහන | BBC ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
10/16/2025

මුලාශ්‍රය :

Trump says Modi has agreed to stop buying Russian oil

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මින් මතු ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නේ නෑ' - ජනපති ට්‍රම්ප් | The Leader