BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයරවල පිළිකා කාරක; බ්‍රිතාන්‍යයේදී නඩු

T

The Leader Desk

October 16, 2025 • 11:55 AM

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයරවල පිළිකා කාරක; බ්‍රිතාන්‍යයේදී නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) සමාගමට එරෙහිව බ්‍රිතාන්‍යයේ මුල් වරට නඩු පැවරේ.
  •     සමාගමට එරෙහිව, එක්සත් ජනපදයේද, එවැනි චෝදනා දස දහස් සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
  • පසුගිය අඟහරුවාදා (14), බ්‍රිතාන්‍ය ඉහළ උසාවියක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ සීමාසහිත'කෙන්විව් යූකේ' (Kenvue UK Limited) යන සමාගම් වලට එරෙහිව නඩු පවරා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • කෙන්විව් සමාගම කලක් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ පාරිභෝගික සෞඛ්‍ය ඒකකය ලෙස ක්‍රියා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, එම සමාගමට අයත් පුයර නිෂ්පාදනයන්හි පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු බවට ගොනු කළ චෝදනා මත, බ්‍රිතාන්‍ය අධිකරණයක නඩු පවරා තිබේ.    

සමාගමට එරෙහිව, එක්සත් ජනපදයේද, එවැනි චෝදනා දස දහස් සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා (14), බ්‍රිතාන්‍ය ඉහළ උසාවියක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ සීමාසහිත'කෙන්විව් යූකේ' (Kenvue UK Limited) යන සමාගම් වලට එරෙහිව නඩු පවරා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

කෙන්විව් සමාගම කලක් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ පාරිභෝගික සෞඛ්‍ය ඒකකය ලෙස ක්‍රියා කළේය. 2023 වසරේ, එය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමෙන් වෙන් විය.

1965 සිට 2023 දක්වා කාලය තුළ, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ ළදරු පුයර භාවිතයෙන්, ඩිම්බ කෝෂ පිළිකා, ශරීර අභ්‍යන්තර අවයව ආවරණය කරන තානුක පටලයක් වන මෙසොතෙලියම් පටලය ආශ්‍රිත පිළිකා සහ තවත් අතුරු ආබාධ රැසක් වැළඳුනු බවට ලද පුද්ගල පැමිණිලි 3000කට අධික සංඛ්‍යාවක් පාදක කොට, 'කේපී ලෝ' (KP Law) නීතීඥ සමාගම මගින් එම නඩු පැවරීම සිදු කර තිබේ.

ව්‍යාපාර බංකොලොත්භාවය පිලිබඳ කරුණු දක්වමින්, අධිකරණ තීන්දු විසඳා ගැනීමට, පෙර අවස්ථාවල ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් කරන ලද ඉල්ලීම්, තෙවරක් ම, එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

 

b67ie676mgdfgdgdgrerterertdfgxgxcxc
මෙසොතෙලියම් පටලය ආශ්‍රිත පිළිකාවක් හේතුවෙන් මියගිය කාන්තාවකගේ පවුලට ඇමෙරිකානු ඩොලර් මිලියන 966 ක වන්දියක් ගෙවන ලෙස පසු ගිය සතියේ, අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරිණි. එය, එම සමාගමට එරෙහිව නියම වූ විශාලතම වන්දි ප්‍රමාණයන්ගෙන් එකක් ලෙස සැලකේ.

'කේපී ලෝ' සමාගම විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණයක පවරා ඇති නවතම නඩු කටයුත්තෙන් අමෙරිකානු ඩොලර් බිලයන 1.34කට අධික වන්දියක් ඉල්ලා තිබේ.  

එම සමාගමට අයත් නිෂ්පාදන රැසක ඇස්බැස්ටෝස් වැනි පිළිකා කාරක තන්තු අඩංගු බවට කරුණු අනාවරණය වී ඇතැයි, එම නීතීඥ සමාගම පවසයි. සිය නිෂ්පාදන කිසිවක පිළිකා කාරක ඇස්බැස්ටෝස් වැනි ද්‍රව්‍ය අඩංගු නොවන බවට එම සමාගම දිගින් දිගටම පවසා තිබූ බවද 'කේපී ලෝ' නීතීඥ සමාගම සඳහන් කරයි.

එක්සත් ජනපදයෙන් සහ කැනඩාවෙන් පිටත, අදාළ පුයර නිෂ්පාදන සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවල පූර්ණ වගකීම, කෙන්විව් සමාගම සතු බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම කියා සිටී. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පුයර නිෂ්පාදනවල පිළිකා කාරක ඇස්බැස්ටෝස් අඩංගු නැතැයි කෙන්විව් සමාගම අවධාරණය කරයි.

johnson
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට අයත් ළදරු හා වෙනත් පුයර නිෂ්පාදන භාවිතයෙන් පිළිකා වැළඳුනු බවට වන චෝදනා මත එක්සත් ජනපද අධිකරණවල සිය දහස් සංඛ්‍යාත නඩු  ප්‍රමාණයක් ගොනු කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

එම සමාගම 2020 වසරේ, එක්සත් ජනපදය තුළ සිය ළදරු පුයර නිෂ්පාදන අලෙවිය නතර කළේය. ඊට ආදේශක වශයෙන්, ඉරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දීමට පියවර ගැනිණි. 2023 වසරේ, බ්‍රිතාන්‍යයේ ද එම නිෂ්පාදන නතර කිරීමට සමාගම පියවර ගත්තේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
10/16/2025

මුලාශ්‍රය :

J&J faces first UK lawsuits alleging its baby powder caused cancer

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයරවල පිළිකා කාරක; බ්‍රිතාන්‍යයේදී නඩු | The Leader