BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රුසියාවේ ඉන්දන ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉන්දීයාව ප්‍රතිචාර දක්වයි

T

The Leader Desk

October 16, 2025 • 2:57 PM

රුසියාවේ ඉන්දන ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉන්දීයාව ප්‍රතිචාර දක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව
  • "නායකයින් දෙදෙනා අතර ඊයේ කිසිඳු සංවාදයක් ගැන මම දැනුවත් නැත" විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.
  • මේ අතර ඉන්දීය රජයේ අඛණ්ඩ ප්‍රමුඛතාව අස්ථාවර බලශක්ති තත්ත්වයන් තුළ තම පාරිභෝගික ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව ආරක්ෂා කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
  • සිය ඉන්ධන ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම අවශ්‍යතාව අරමුණු කරගනිමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඊයේ සංවාදයක් හෝ දුරකතන ඇමතුමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.

"නායකයින් දෙදෙනා අතර ඊයේ කිසිඳු සංවාදයක් ගැන මම දැනුවත් නැත" විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ඉන්දීය රජයේ අඛණ්ඩ ප්‍රමුඛතාව අස්ථාවර බලශක්ති තත්ත්වයන් තුළ තම පාරිභෝගික ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව ආරක්ෂා කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

සිය ඉන්ධන ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම අවශ්‍යතාව අරමුණු කරගනිමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමට පියවර ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමා වෙත සහතික වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

රට තුළ ස්ථාවර මිල ගණන් හා සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික කිරීම සිය රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන බව සඳහන් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් අමෙරිකානු වත්මන් පරිපාලනය ඉන්දියාව සමග බලශක්ති සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට උනන්දුවක් දක්වා ඇති බව ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ඉන්දීය ආර්ථිකයට ඉතා වැදගත් වන බව, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර තිබුණි.

මුලාශ්‍රය :

'No call between them': India rejects Trump's claim of speaking to PM Modi about purchase of Russian oil

සබැඳි පුවත්  :

'මින් මතු ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නේ නෑ' - ජනපති ට්‍රම්ප්

Trump says Modi has agreed to stop buying Russian oi

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...