BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැඩගස්කරයට හමුදා පාලනයක්; අප්‍රිකානු සංගමයෙන් ද නෙරපා හැරේ !

T

The Leader Desk

October 17, 2025 • 9:16 AM

මැඩගස්කරයට හමුදා පාලනයක්; අප්‍රිකානු සංගමයෙන් ද නෙරපා හැරේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැඩගස්කරයේ නව හමුදා පාලක, කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරීනා (Michael Randrianirina), අද (17) එරට ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.
  •   සිවිල් පාලනය ස්ථාපිත කර, ඉදිරි මැතිවරණයකට යන ලෙස, එම සංවිධානය විසින් මැඩගස්කරයට දන්වා තිබේ.
  •   අද ජනපති ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව එම සංගමය සමග යළි සාකච්ඡා අරඹන බව රැන්ඩ්‍රියානිරීනා පවසයි.
  • කෙසේ වෙතත්, රාජ්‍ය නායකයින් 55 දෙනකුගේ සාමාජිකත්වයෙන් යුත් අප්‍රිකානු සංගමය විසින් මැඩගස්කරයේ නව හමුදා නායකත්වය ප්‍රතික්ෂේප කරනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් මස හටගත් තරුණ අරගලයක් හමුවේ හිටපු ජනපති, ඇන්ඩ්‍රි රජෝලීනා රටින් පලායමත් සමග අප්‍රිකානු සංගමය මැඩගස්කරය, වහා ක්‍රියාත්මක වන පරිදි එම සාමාජිකත්වයෙන් ඉවත් කළේය.

 

sdfse

සිවිල් පාලනය ස්ථාපිත කර, ඉදිරි මැතිවරණයකට යන ලෙස, එම සංවිධානය විසින් මැඩගස්කරයට දන්වා තිබේ.  

අද ජනපති ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව එම සංගමය සමග යළි සාකච්ඡා අරඹන බව රැන්ඩ්‍රියානිරීනා පවසයි.

කෙසේ වෙතත්, රාජ්‍ය නායකයින් 55 දෙනකුගේ සාමාජිකත්වයෙන් යුත් අප්‍රිකානු සංගමය විසින් මැඩගස්කරයේ නව හමුදා නායකත්වය ප්‍රතික්ෂේප කරනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දැනට පලාගොස් සැඟව සිටින හිටපු ජනපති, රජෝලීනා, රජය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය දැඩි ලෙස හෙළා දකින බව කියා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres ) ද මැඩගස්කරයේ අඥාතික රාජ්‍ය පැහැරගැනීම, දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.  

mfutuy6t67u

 

එරට ඉහළ ව්‍යවස්ථාදායක අධිකරණය මගින් නව ජනපති දිවුරුම් දීමේ උළෙල සංවිධානය කෙරිණි.

අද, ජනපති ධුරයේ දිවුරුම් දුන් හමුදා නායක කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරීනා, හිටපු ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා, 2009 වසරේ කුමන්ත්‍රණයකින් බලයට පත් කිරීමට සහාය දැක්වූ, මැඩගස්කර හමුදාවේ කැප්සැට් (CAPSAT) ඒකකයේ එවක අණ දෙන නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Army colonel plans to lead Madagascar after coup ousts civilian president

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...