BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යේමනයේ හුති මාණ්ඩලික ප්‍රධානී ඝාතනය තහවුරුයි

T

The Leader Desk

October 17, 2025 • 10:53 AM

යේමනයේ හුති මාණ්ඩලික ප්‍රධානී ඝාතනය තහවුරුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යේමනයේ හුති සන්නද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, මුහම්මද් අබ්දල් කරීම් අල්-ඝමාරී (Muhammad Abd Al-Karim al-Ghamari) රාජකාරියේදී ඝාතනය වූ බව එම සංවිධානය ඊයේ (16), නිල වශයෙන් ප්‍රකාශ කළේය.
  • ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සෘජු චෝදනා එල්ල නොවුවද, ඊශ්‍රායලය සමග යුද්ධය අවසන් ව නැතැයි, හුති සංවිධානය පවසයි.
  • ඊශ්‍රායලය විසින් සිදු කරන ලද අපරාධයන්ට දැඩි දඬුවම් පමුණුවන බව ඔවුහු කියති.
  •  ප්‍රහාරයෙන්, යේමන අග්‍රාමාත්‍යවරයා ඇතුළු හුති රජයේ තවත් අමාත්‍යවරු රැසක්  ඝාතනය වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ඉරාන සහාය ලබන හුති සන්නද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයකු බව ද  සඳහන්ය.

ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සෘජු චෝදනා එල්ල නොවුවද, ඊශ්‍රායලය සමග යුද්ධය අවසන් ව නැතැයි, හුති සංවිධානය පවසයි. ඊශ්‍රායලය විසින් සිදු කරන ලද අපරාධයන්ට දැඩි දඬුවම් පමුණුවන බව ඔවුහු කියති.  

 

vw6uw5

යේමනයේ, සනා නුවර රැඳී සිටි හුති කල්ලියේ මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක ඇමති සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලයන් රැසක් ඉලක්ක කර, ඉකුත් අගෝස්තු මස ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.  ප්‍රහාරයෙන්, යේමන අග්‍රාමාත්‍යවරයා ඇතුළු හුති රජයේ තවත් අමාත්‍යවරු රැසක්  ඝාතනය වූහ.

යේමන ආරක්ෂක ඇමති, හුති මාණ්ඩලික ප්‍රධානී - අල්-ඝමාරි ( al-Ghamari) සහ රජයේ තවත් ජ්‍යෙෂ්ඨන්  රැසක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බව පසුව සඳහන් කළ ඊශ්‍රායලය, එහි දී සිදු වූයේ කුමක්දැයි, විමර්ශනයේ පසුවන බව ප්‍රකාශ කළේය.

හුති ජිහාඩ් කාර්යාලයේ සාමාජිකයකු ද වූ  අල්-ඝමාරි, සන්නද්ධ මෙහෙයුම් භාරව කටයුතු කළේය.

 

b4wjnkjhkfhk

ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz), ඊයේ දන්වා සිටියේය. සිය දේශයට එරෙහි කිනම් ආකාරයේ හෝ ඉදිරි තර්ජනයකදී යළි යළිත් එම පියවරම ගන්නා බව හෙතෙම අවධාරණය කළේය.

ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පතා යේමනය නිරන්තරව  ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊශ්‍රායල පාර්ශ්වයෙන් ද ඊට ප්‍රති ප්‍රහාර එල්ලේ කෙරේ.

ඊශ්‍රායලය, ගාසා සටන් විරාමයට  අනුගතවන ආකාරය පිලිබඳ, සමීප නිරීක්ෂණයේ පසුවන බව හුති නායක, අබ්දුල් මලික් අල්-හූති ( Abdul Malik al-Houthi) පවසයි. ඊශ්‍රායලය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කෙරෙන  ඕනෑම මොහොතක, පලස්තීනුවන්ගේ සහායට  ඉදිරිපත් වන බවද ඔහු කියා සිටී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යේමනයේ හුති මාණ්ඩලික ප්‍රධානී ඝාතනය තහවුරුයි | The Leader