BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පේරු රාජ්‍යයත් තරුණ අරගලයකට මැදිවේ

T

The Leader Desk

October 17, 2025 • 11:39 AM

පේරු රාජ්‍යයත් තරුණ අරගලයකට මැදිවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක තරුණ අරගලයකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව පොලිස් නිලධාරීන් රැසක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
  • එරට, ලීමා (Lima ) අගනුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
  • අරගලය හමුවේ වර්ධනය වන අනාරක්ෂිත භාවය වහා පාලනයට පියවර ගැනෙමින් ඇතැයි, අග්‍රාමාත්‍ය අර්නෙස්ටෝ ඇල්වරෙස්  (Ernesto Alvarez ) අද (17) පැවසීය.
  • ඉකුත් බදාදා (15)  හටගත් පේරු ජන අරගලය එතැන් සිට, අඛණ්ඩව ඊයේ (16) රාත්‍රිය පුරාවට ද ක්‍රියාත්මක විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට දින කිහිපයකට පෙර බලයට පත් ජනපති, ජොසේ ජෙරී (Jose Jeri)ට එරෙහිව එම ජන අරගලය දියත්ව තිබේ. එරට, ලීමා (Lima ) අගනුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. අරගලය හමුවේ වර්ධනය වන අනාරක්ෂිත භාවය වහා පාලනයට පියවර ගැනෙමින් ඇතැයි, අග්‍රාමාත්‍ය අර්නෙස්ටෝ ඇල්වරෙස්  (Ernesto Alvarez ) අද (17) පැවසීය.

ඉකුත් බදාදා (15)  හටගත් පේරු ජන අරගලය එතැන් සිට, අඛණ්ඩව ඊයේ (16) රාත්‍රිය පුරාවට ද ක්‍රියාත්මක විය.

 

තරුණ ජෙන්-සී ( Gen Z) අරගලකරුවන්, ප්‍රවාහන සේවකයින් සහ සිවිල් සංවිධාන රැසක් ඊට එක්ව සිටිති. රාජ්‍ය දූෂණයට  සහ සීග්‍රයෙන් වර්ධනය වන අපරාධ රැල්ලට එරෙහි විරෝධතා හමුවේ, පසු ගිය 09 වනදා, හිටපු ජනපතිනි ඩීනා බොලූර්ටේ (Dina Boluarte) ද බලයෙන් පහ කෙරිණි.

බදාදා දිනයේ, විරෝධතාවන්ට එක්වූ දහස් සංඛ්‍යාත පිරිස් පොලිසිය හා ගැටුණහ. කැරළි මර්ධන පොලිසිය කඳුළු ගෑස් මගින් විරෝධතාකරුවන් පලවා හැරීමට උත්සාහ ගත්ත ද, එම ප්‍රයත්නය ව්‍යර්ථ විය. කෝපයට පත් විරෝධතාකරුවෝ, රතිඤ්ඤා, ගල් සහ දැවෙමින් පැවැති තවත් දෑ පොලිසිය වෙත දමා  ගැසූහ.

 

peru87yvb87r
නව ජනපති, 38 හැවිරිදි ජොසේ ජෙරීට එරෙහිව ද දූෂණ සහ ලිංගික අපචාර චෝදනා රැසක් පවතින බව වාර්තා වේ. ජෙරී, එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටී. ජනපති ධුරයට පෙර එරට කොන්ග්‍රසයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඔහු, ජනප්‍රියත්වයෙන් ගිලිහී කටයුතු කළ අයෙකි. ඔහුට පෙර, 2022 වසරේ, ධුරයට තේරී පත් බොලූර්ටේ ජනපතිවරියට එරෙහි ජන අරගලවලින් ද විශාල පිරිසක් මරණයට පත් වූහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

One dead, dozens injured as Peru's new president faces widespread protests

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...