BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බොලිවියාවේ විසි වසරක වාමාංශික පාලනය බිඳ වැටේ

T

The Leader Desk

October 20, 2025 • 9:56 AM

බොලිවියාවේ විසි වසරක වාමාංශික පාලනය බිඳ වැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධ්‍යස්ථ මතධාරී, රොද්‍රිගෝ පෑස් (Centrist Rodrigo Paz) ඊයේ (19) පැවති බොලිවියාවේ ජනපතිවරණය ජය ගත්තේය. ඒ, සිය ප්‍රතිවාදියා වූ කොන්සර්වර්ටිව් පාක්ෂික, ජෝර්ජ් කීරොගා (Jorge "Tuto" Quiroga) පරාජය කරමිනි.
  • ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂ සෙනෙට් සභිකයකු වන 58 හැවිරිදි පෑස්, 54.5% ක ප්‍රතිශතයකින් ජනපතිවරණ ජය තහවුරු කළේය.
  • කීරොගාට ලබා ගත හැකි වුයේ 45.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
  • කෙසේ වෙතත්, පෑස් ගේ නායකත්වයෙන් යුත් පක්ෂයට පාර්ලිමේන්තු බහුතර බලයක් නොමැති වීමෙන්, බොලිවියාවේ මීළඟ රජය, සන්ධාන රජයක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, දේශපාලන විචාරකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ජයග්‍රහණයත් සමග ඉකුත් දශක දෙකක කාලයක් තිස්සේ රට දරුණු ආර්ථික අගාධයකට ගෙන ගිය එරට, වාමාංශික පාලන තන්ත්‍රය බිඳ වැටී තිබේ.

ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂ සෙනෙට් සභිකයකු වන 58 හැවිරිදි පෑස්, 54.5% ක ප්‍රතිශතයකින් ජනපතිවරණ ජය තහවුරු කළේය. කීරොගාට ලබා ගත හැකි වුයේ 45.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. කෙසේ වෙතත්, පෑස් ගේ නායකත්වයෙන් යුත් පක්ෂයට පාර්ලිමේන්තු බහුතර බලයක් නොමැති වීමෙන්, බොලිවියාවේ මීළඟ රජය, සන්ධාන රජයක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, දේශපාලන විචාරකයෝ පවසති.

නොවැම්බර 08 වන දා, රොද්‍රිගෝ පෑස්, බොලිවියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

බොලිවියාව දැන්වත්, ලෝකයට විවෘත කළ යුතු බව, ජනපතිවරණ ජය තහවුරු කරගැනීමෙන් අනතුරුව සිදු කළ කථාවේ දී ඔහු සඳහන් කළේය. සමාජ වැඩසටහන් මධ්‍යයේ, පුද්ගලික අංශයේ  දායකත්වයෙන් සමාජ - ආර්ථික සංවර්ධනය කරා බොලිවියාව රැගෙන යාම නව ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.  

(සටහන | Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/20/2025

Centrist Rodrigo Paz wins Bolivian presidency, ending nearly 20 years of leftist rule

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...