BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හොංග් කොංග් ගුවන් තොටේ ගුවන් අනතුරක්

T

The Leader Desk

October 20, 2025 • 3:10 PM

හොංග් කොංග් ගුවන් තොටේ  ගුවන් අනතුරක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩුබායි සිට පැමිණි බොයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, හොංග් කොංග් ගුවන් තොටුපොළේ ගොඩ බැස්වීමේදී
  • අනතුරින්, ගුවන් යානයේ කොටසක් ජලයේ ගිලී ඇතැයි ද වාර්තා වේ.
  • හොංග් කොංග් වේලාවෙන්, අද අළුයම 3.50 ට එම අනතුර සිදු විය.
  • කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානය සේ සැලකෙන හොංග් කොංග් හි වසර 25කට පසුව සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 ධාවන පථයෙන් ලිස්සා යාමෙන් අද (20), අනතුරක් සිදු විය.

එම අනතුරින්, ගුවන් තොටුපොළ ආරක්ෂක කාර්යමණ්ඩල නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ධාවන පථයෙන් ඉවතට ලිස්සා  ගිය ගුවන් යානය, ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් මුර සංචාරක රථයේ ගැටී, එම රථයද සමග මුහුදට ඇදී  ගොස් තිබේ.

අනතුරින්, ගුවන් යානයේ කොටසක් ජලයේ ගිලී ඇතැයි ද වාර්තා වේ.

හොංග් කොංග් වේලාවෙන්, අද අළුයම 3.50 ට එම අනතුර සිදු විය.

කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානය සේ සැලකෙන හොංග් කොංග් හි වසර 25කට පසුව සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය වේ. අනතුරින්, ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් ඇතුළු සිව් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදු වී නැත.

මිය ගිය ආරක්ෂක කාර්ය මණ්ඩලයේ දෙදෙනාගෙන් අයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට වූ බවත්, අනෙක් නිලධාරියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්වවූ  බවත්, වාර්තා වේ.

 හොංග් කොංග්, ලොව කාර්ය බහුලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළ  වේ.

අනතුරට පත් යානය, එමිරේට්ස් සමාගම  වෙනුවෙන්, ඒ සී ටී (ACT Airlines) ගුවන් සේවාව යටතේ  ක්‍රියාත්මක තුර්කි, භාණ්ඩ ප්‍රවහන ගුවන් යානයක් බව, ඩුබායි හි පිහිටි එමිරේට්ස් සමාගම සඳහන් කරයි.

අනතුරට හේතුව, තවමත් විමර්ශනය කෙරෙමින් පවතී. එම අවස්ථාවේ පැවති කාළගුණය, ධාවන පථයේ සහ ගුවන් යානයේ තත්ත්වය මෙන්ම, ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයද එම විමර්ශනවලට ඇතුළත් ය.

ගුවන් අනතුර හේතුවෙන් හොංග් කොංග් ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ඇතුළු අනෙකුත් මෙහෙයුම්වලට බාධාවක් නැතැයි, ගුවන් තොටුපොළ බලධාරීහු පවසති.

හොංග් කොංග් ගුවන් තොටුපොළේ දරුණුතම, මාරාන්තික ගුවන් අනතුර 1999 දී සිදු විය. එහිදී, චීන ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් ගොඩ බැස්වීමේදී සිදු වූ අනතුරින්, යානයේ ගමන් ගත් 315 දෙනකු අතරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/20/2025


මුලාශ්‍රය :
Cargo plane slides off runway in Hong Kong, killing two airport staff

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...