BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හිටපු ප්‍රංශ ජනපති සාර්කෝසි අද හිරේට

T

The Leader Desk

October 21, 2025 • 9:04 AM

හිටපු ප්‍රංශ ජනපති සාර්කෝසි අද හිරේට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කෝසි (Nicolas Sarkozy) අද (21) සිර ගත කෙරේ.
  •     ඊට එරෙහිව සාර්කෝසි අභියාචනා ගොනු කළද, එම අධිකරණ ක්‍රියාමාර්ග අතරේ වුව, එහි තීන්දුව ලැබෙන තෙක් සිර දඬුවම් ක්‍රියාත්මක බව, ඔහුට එරෙහි නඩුව විභාග කළ ප්‍රංශ අධිකරණය තීන්දු කළේය.
  •   2007 සිට 2012 දක්වා සාර්කෝසි ප්‍රංශ ජනපති ධුරය හෙබවීය.
  • තමා සිර බත් කෑමට බිය නොවන බවත්, සිපිරිගෙයි දොරටු අභියස වුව හිස කෙලින් තබා සිටින බවත්, ඔහු  කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ඔහුට පස් අවුරුදු සිර දඬුවමකට යටත්  වීමට සිදුවේ.

සිය මැතිවරණ ව්‍යාපාරයට ලිබියාවෙන් අරමුදල් පැතීමේ චෝදනාවට අධිකරණ තීන්දුවක් මත, එම දඬුවම ක්‍රියාත්මකය.    

ඊට එරෙහිව සාර්කෝසි අභියාචනා ගොනු කළද, එම අධිකරණ ක්‍රියාමාර්ග අතරේ වුව, එහි තීන්දුව ලැබෙන තෙක් සිර දඬුවම් ක්‍රියාත්මක බව, ඔහුට එරෙහි නඩුව විභාග කළ ප්‍රංශ අධිකරණය තීන්දු කළේය.

zar35

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, ප්‍රංශයේ පාලකයා වූ, මාර්ෂල් ෆිලිප් පෙටේන් ( Philippe Petain)ට පසු, යුරෝපා සංගමයට අයත් රටක හිටපු රාජ්‍ය නායකයකු සිර දඬුවම් ලද, ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වේ.  

2007 සිට 2012 දක්වා සාර්කෝසි ප්‍රංශ ජනපති ධුරය හෙබවීය.

තමා සිර බත් කෑමට බිය නොවන බවත්, සිපිරිගෙයි දොරටු අභියස වුව හිස කෙලින් තබා සිටින බවත්, ඔහු  කියා සිටියේය.

ඔහු, තමන්ට එරෙහි චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටී. එම චෝදනා දේශපාලන හේතු මත ගොතන ලද බව ඔහුගේ ප්‍රති-චෝදනාවයි.

zar3454

 

සාර්කෝසි මීට පෙරද දූෂණ චෝදනාවකට දඬුවම් ලද්දෙකි. රැකියාවේ උසස්වීම් ලබා දෙන බව පවසා, විනිසුරුවකුගෙන් රහස්‍ය තොරතුරු ලබා ගැනීම එම චෝදනාවයි. එහිදී,  සිර දඬුවම් හිමි නොවුවද, වළලුකර වටා ඉලෙක්ට්‍රොනික පටියක් පැළඳ කටයුතු කිරීමට ඔහුට සිදු විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(harshaprs@yahoo.com)
10/21/2025

මුලාශ්‍රය :

Defiant former French president Sarkozy to begin five-year prison term

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...