BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුක්රේන බලශක්ති මර්මස්ථානවලට අදත් දැඩි රුසියානු ප්‍රහාර

T

The Leader Desk

October 21, 2025 • 2:13 PM

යුක්රේන බලශක්ති මර්මස්ථානවලට අදත් දැඩි රුසියානු ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්‍රේනයේ බලශක්ති සහ තවත් යටිතල පහසුකම් මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර රුසියානු හමුදා දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.
  • එම කලාපයට අමතරව, උතුරු යුක්‍රේනයේ තවත් ප්‍රදේශ රැසක් ද අද (21), රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් විය.
  • අඛණ්ඩ රුසියානු  ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, විදුලි බල සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
  • විනාශයට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට ඉඩක් නොතබාම, රුසියානු හමුදා ඒ වටා ඉහළ අහසේ ද, නිරන්තර ඩ්‍රෝන 'සංදර්ශන' පවත්වන බව යුක්‍රේන හමුදා චෝදනා කරති.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට, චර්නිහිව් (Chernihiv) කලාපයට එම ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරයත් සමග  විදුලිය සහ ජල සැපයුම් මුළුමනින්ම බිඳ වැටීමෙන් සිය දහස් සංඛ්‍යාත යුක්‍රේන වැසියෝ, දුෂ්කරතාවයට පත්ව සිටිති. එම කලාපයට අමතරව, උතුරු යුක්‍රේනයේ තවත් ප්‍රදේශ රැසක් ද අද (21), රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් විය.

cghr57
පූර්ව ගැටුම් සංගණනයන්ට අනුව, චර්නිහිව් කලාපය මිලියනයකට අධික ජනගහනයෙන් යුක්ත වූවකි. අඛණ්ඩ රුසියානු  ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, විදුලි බල සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

විනාශයට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට ඉඩක් නොතබාම, රුසියානු හමුදා ඒ වටා ඉහළ අහසේ ද, නිරන්තර ඩ්‍රෝන 'සංදර්ශන' පවත්වන බව යුක්‍රේන හමුදා චෝදනා කරති.

ළඟ එන ශීත සෘතුව අභිමුව, විදුලිය අඛණ්ඩව විසන්ධි වීමෙන්, යුක්‍රේනයේ  ප්‍රදේශ රැසක මානුෂීය අර්බුදයක් ද හටගෙන ඇතැයි වාර්තා වේ. එමගින්, රුසියානු රජය, යුක්‍රේන වැසියන් ශීතයට නිරාවරණය කොට ඝාතනය කිරීමේ නිහීන ත්‍රස්ත ක්‍රියාවක නිරත වන බවට  චෝදනා කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/21/2025

මුලාශ්‍රය :

Russian bombardment plunges hundreds of thousands of Ukrainians into blackout

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...