BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල මුදා හරී

T

The Leader Desk

October 22, 2025 • 6:19 AM

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල මුදා හරී  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියාව අද (22), කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් මුදා හළ බව දකුණු කොරියානු හමුදාව පවසයි.
  • උතුරු කොරියාවේ ප්යොන්ග්‍යන්ග් (Pyongyang) අගනුවරට නුදුරු ස්ථානයක සිට, ඊශාන දෙසට අද, උතුරු කොරියානු  බැලස්ටික් මිසයිල මුදා හළ බැව් නිරීක්ෂණය කළ බව, දකුණු කොරියානු හමුදාව පවසයි.
  • ඒවා, ඉහළ අහසේ, අවම වශයෙන් කි.මී.350ක් වත් ගමන් කළ බව එම හමුදාව  කියයි.
  • එසේ ගමන් කිරීමෙන් අනතුරුව එම මිසයිල  උතුරු කොරියානු භූමිය මත පතිත වන්නට ඇතැයි විශ්වාස කරන බවද, දකුණු කොරියානු හමුදාව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආසියා - පැසිෆික් නායක හමුව ඉදිරි සතියේ දකුණු කොරියාවේදී පැවැත්වේ. ඊට සතියක පමණ කාලයක් තිබියදී උතුරු කොරියාව, එම අත්හදා බැලීම් සිදු කිරීම කලාපීය අවධානයට නතුව පවතී.

අද සිදුවීමට පෙර, උතුරු කොරියාව විසින් අවසන් වරට බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන ලද්දේ ඉකුත් මැයි මාසයේදීය. ඒ, එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ මූලිකත්වයෙන් එම අවි නිෂ්පාදනයට පනවන ලද ජාත්‍යන්තර තහනම ද අභියෝගයට ලක් කරමිනි.

ඉදිරි සතියේ, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගිතා සංසදයේදී (APEC) එරට නායක, ලී ජේ ම්යුඞ් (Lee Jae Myung) සහ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ. එහිදී, එක්සත් ජනපද ජනපතිවරයා සහ චීන ජනපති  ෂී ජින්පින් (Xi Jinping) අතර විශේෂ හමුවක් පැවැත්වීමට ද නියමිතය.

5RYJR2WKTROLFCGTZ5ON3H4VNU

උතුරු කොරියාවේ ප්යොන්ග්‍යන්ග් (Pyongyang) අගනුවරට නුදුරු ස්ථානයක සිට, ඊශාන දෙසට අද, උතුරු කොරියානු  බැලස්ටික් මිසයිල මුදා හළ බැව් නිරීක්ෂණය කළ බව, දකුණු කොරියානු හමුදාව පවසයි. ඒවා, ඉහළ අහසේ, අවම වශයෙන් කි.මී.350ක් වත් ගමන් කළ බව එම හමුදාව  කියයි. එසේ ගමන් කිරීමෙන් අනතුරුව එම මිසයිල  උතුරු කොරියානු භූමිය මත පතිත වන්නට ඇතැයි විශ්වාස කරන බවද, දකුණු කොරියානු හමුදාව පවසයි. ඊට අදාළ තොරතුරු එක්සත් ජනපදය සහ ජපානය වෙත ලබා දීමට ද එම හමුදාව විසින් පියවර ගෙන තිබේ.

දකුණු කොරියාව අද, හමුදා නායකත්වයේද සහභාගිත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු සාකච්ඡාවක්  කැඳවීය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/22/2025

මුලාශ්‍රය :

North Korea fires ballistic missiles week before leaders meet in South Korea

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...