BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රුසියානු තෙල් දැවැන්තයින් දෙදෙනකුට එක්සත් ජනපද සම්බාධක; ගෝලීය තෙල් මිල ඉහළ යයි

T

The Leader Desk

October 23, 2025 • 2:57 PM

රුසියානු තෙල් දැවැන්තයින් දෙදෙනකුට එක්සත් ජනපද සම්බාධක; ගෝලීය තෙල් මිල ඉහළ යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ දැවැන්ත ඉන්දන සමාගම් දෙකකට එරෙහි සම්බාධක පනවයි.
  •  ජනපති ට්‍රම්ප් ගේ බලපෑම මත ඉන්දියාව ද රුසියානු ඉන්දන ආනයන කපා හැරීමට සූදානම් වන බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
  • එහි මුල් පියවරක් ලෙස, රුසියාවේ දැවැන්ත තෙල් සමාගම් දෙකක් වන රොස්නෙෆ්ට් (Rosneft) සහ ලූක්ඔයිල් (Lukoil) බොරතෙල් නිෂ්පාදකයින් වෙත මෙසේ, එක්සත් ජනපද සම්බාධක පනවා තිබේ.
  • යුක්‍රේන යුද්ධය නතර කරන ලෙස ඉල්ලා, තමා නුදුරේදීම බුඩාපෙස්ට් (Budapest) නුවරදී ජනපති පුටින් සමග විශේෂ සමුළුවකට සහභාගී වන බව, ජනපති ට්‍රම්ප් පසුගිය සතියේ නිවේදනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සමග ලෝක වෙළඳපොළ තෙල් මිල අද (23), 3%කින් ඉහළ ගියේය.

 ජනපති ට්‍රම්ප් ගේ බලපෑම මත ඉන්දියාව ද රුසියානු ඉන්දන ආනයන කපා හැරීමට සූදානම් වන බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනපති, ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) මැලි වීම, එම සම්බාධක පැනවීමට හේතුවයි.

ගැටුම අවසන් කර සාමය උදා කිරීම පිණිස, රුසියානු නායකයා කැමැත්ත පළ  කරන තෙක්, එරට ආර්ථිකයට සහ ආරක්ෂක කර්මාන්තයට දැඩි  බලපෑම් එල්ල කළ යුතු බවත්, යුක්‍රේනයට අවැසි සම්පත් ලබා ගැනීමට රුසියාව සතු නිශ්චල ස්වෛරී වත්කම් හි පූර්ණ අගය උපයෝජනය උදෙසා, සැලසුම් සකස් කෙරෙමින් ඇති බවත්, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, යුක්‍රේනය සහ යුරෝපා සංගමය ඉකුත් අඟහරුවාදා (21),  විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය.


එහි මුල් පියවරක් ලෙස, රුසියාවේ දැවැන්ත තෙල් සමාගම් දෙකක් වන රොස්නෙෆ්ට් (Rosneft) සහ ලූක්ඔයිල් (Lukoil) බොරතෙල් නිෂ්පාදකයින් වෙත මෙසේ, එක්සත් ජනපද සම්බාධක පනවා තිබේ.


යුක්‍රේන යුද්ධය නතර කරන ලෙස ඉල්ලා, තමා නුදුරේදීම බුඩාපෙස්ට් (Budapest) නුවරදී ජනපති පුටින් සමග විශේෂ සමුළුවකට සහභාගී වන බව, ජනපති ට්‍රම්ප් පසුගිය සතියේ නිවේදනය කළේය.

එහෙත්, දැන් "එහෙම" අදහසක් නැතැයි, ඊයේ (22) ධවල මන්දිරයට රැස්වූ මාධ්‍යවේදීන් අමතා ට්‍රම්ප් කියා සිටියේය.

එම හමුවෙන් තමා අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබෙන බවට අනුමාණ කෙරෙන බැවින්, එම සාකච්ඡා අවලංගු කරන බව ඔහු පැවසීය.

ජනපති පුටින් සමග මීට පෙර සිදු කළ,"ඉතා හොඳ" කතාබහ "ගිය අතක්" නැතැයි, පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇමතූ හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය. "වෙන දවසක බලමු," ජනපති ට්‍රම්ප් කියා සිටියේය.


රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක ඵලදායී නොවන බව, ජනපති පුටින් පවසයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධ සිය තීරණය නොවෙනස් බව, ඔහු අවධාරණය කරයි. එවැනි සම්බාධකවලට ඔරොත්තු දෙන ශක්තිමත් 'ප්‍රතිශක්තීකරණ පද්ධතියක්' රුසියාව සතු බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාරියා සඛරෝවා (Maria Zakharova ) පවසයි.  


යුක්‍රේනයට ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගම් නායකයෝ අද බ්‍රසල්ස් ( Brussels ) නුවරදී රැස් වූහ.

රුසියාව සතු නිශ්චල ස්වෛරී වත්කම් තහනම් කළහොත්, ඊට එරෙහිව අතිශය වේදනාකාරී ප්‍රතිචාර දක්වන බව ජනපති පුටින් තර්ජනය කර සිටී.  

අදත්, අඛණ්ඩ දෙවන දින රාත්‍රිය පුරාවට යුක්‍රේන අගනුවරට රුසියානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. රුසියානු අගනුවර ඇතුළු අනෙකුත් ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කිරීම පිණිස පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 139ක් අහසේ දී විනාශ කල බව, රුසියානු ගුවන් ආරක්ෂක බලකාය පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/23/2025

මුලාශ්‍රය :

US sanctions Russian oil majors over Ukraine, prompting India jitters and Moscow fury

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...