BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමේ පනතට එක්සත් ජනපද විරෝධය

T

The Leader Desk

October 24, 2025 • 7:47 AM

බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමේ පනතට එක්සත් ජනපද විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීම පිණිස එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවක් එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
  • එය ඊශ්‍රායලයට ඈඳා ගැනීමට ඉදිරිපත් කළ පනතක් බදාදා (22) එරට පාර්ලිමේන්තුවේදී මූලිකව සම්මත විය.
  •   මේ මොහොතේ, ඊශ්‍රායලයට "ඒ සෙල්ලමට" ඉඩ නොදෙන බව ජනපති ට්‍රම්ප් ඊයේ (23) පැවසීය.
  • එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන්නක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  හා ජාත්‍යන්තරයේ ඇතැම් කොටස්වල මතයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා බටහිර ඉවුර ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටී. එය ඊශ්‍රායලයට ඈඳා ගැනීමට ඉදිරිපත් කළ පනතක් බදාදා (22) එරට පාර්ලිමේන්තුවේදී මූලිකව සම්මත විය.

පලස්තීන ජනතාව ද ගාසා තීරයේ අනාගත ස්වාධීන රාජ්‍යයක, බටහිර ඉවුරේ ස්වාධිපත්‍යය ඉල්ලා සිටිති.  

මේ මොහොතේ, ඊශ්‍රායලයට "ඒ සෙල්ලමට" ඉඩ නොදෙන බව ජනපති ට්‍රම්ප් ඊයේ (23) පැවසීය.

JD Vans

බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමේ යෝජනාව සම්මත කිරීම, මුළුමනින්ම දේශපාලනික පිම්මක් බවත්, එය අතිශය අඥාන ක්‍රියාවක් බවත්, එක්සත් ජනපද උප ජනපති, ජේ ඩී  වෑන්ස් (JD Vance) ද අවධාරණය කර සිටී.

බටහිර ඉවුරේ සිය දහස් සංඛ්‍යාත යුදෙව් ජනයා වාසය කරති. එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන්නක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  හා ජාත්‍යන්තරයේ ඇතැම් කොටස්වල මතයයි.  

බයිබලයට හා ඓතිහාසික කරුණු අනුව, බටහිර ඉවුර තමන් සතු බව, ඊශ්‍රායලය පවසයි. එහි ඊශ්‍රායල ජනාවාස පිහිටීම පිලිබඳ ජාත්‍යන්තර විරෝධය හා එය පලස්තීන රාජ්‍යයේ කොටසක් ලෙස පිළිගැනීම එරට ඉඳුරා ප්‍රතික්ෂේප කර සිටී.

 

west bank
බටහිර ඉවුරේ මෙම ගැටලුව දශක ගණනාවක් තිස්සේ මැද පෙරදිග සාමයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ.

එය ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම පිණිස, බදාදා සම්මත කළ පනත දැඩි ලෙස හෙලා දකිමින්, සෞදි අරාබිය, ඉන්දුනීසියාව, තුර්කිය ඇතුළු තවත් බහුතර මුස්ලිම් රාජ්‍ය 13ක් විසින්, ප්‍රකාශ නිකුත් කර තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/24/2025

මුලාශ්‍රය :

Trump dismisses bid by some Israeli lawmakers to annex West Bank

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...