BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපදයෙන් දකුණු ඇමරිකාවට ප්‍රහාරක බල ඇණි පිටත් කෙරේ

T

The Leader Desk

October 25, 2025 • 3:47 AM

එක්සත් ජනපදයෙන් දකුණු ඇමරිකාවට ප්‍රහාරක බල ඇණි පිටත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය, දකුණු ඇමෙරිකාවට නාවුක-ගුවන් බලගණයක් පිටත් කර හරී.
  • ඊට යුද නැව් 8ක්, න්‍යෂ්ටික සබ්මැරීනයක් සහ F-35 ප්‍රහාරක යානයක් ද ඇතුළත්ය.
  • ඉකුත් වකවානුවේ, ට්‍රම්ප් අණින් එහි එක්සත් ජනපද ඔත්තු සේවා ක්‍රියාත්මක කෙරිණි.
  • වෙනිසියුලාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සෙවන සලසන බවට සහ රට තුළ ස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික ආයතන පද්ධතියට බලපෑම් එල්ල කරන බවට එක්සත් ජනපදය චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (24), ලතින් ඇමෙරිකානු කැරිබියන් කලාපයට එම හමුදා  යෙදවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.

ඒ අනුව, යුද ගුවන් යානා ප්‍රවානාහනය කෙරෙන ජෙරල්ඩ් ෆෝර්ඩ් (Gerald Ford) නෞකාව සහ ඊට අයත් බල මුලු එම කලාපයේ ස්ථාන ගත කෙරිණි. ඊට යුද නැව් 8ක්, න්‍යෂ්ටික සබ්මැරීනයක් සහ F-35 ප්‍රහාරක යානයක් ද ඇතුළත්ය.

කලාපය ඔස්සේ සිදු කෙරෙන මහා පරිමාණ  මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ප්‍රවාහනය මුළුමනින් වළකාලීම මෙහි අරමුණයි.

 

From front to back, the world’s largest aircraft carrier, USS Gerald R. Ford (CVN 78), Royal Moroccan Navy Floreal-class frigate Mohammed VI (701), and Military Sealift Command fast combat support ship USNS Supply (T-AOE 6), steam in formation while transiting the Strait of Gibraltar, Oct. 1, 2025. Gerald R. Ford, a first-in-class aircraft carrier and deployed flagship of Carrier Strike Group Twelve, is on a scheduled deployment in the U.S. 6th Fleet area of operations to support the warfighting effective

එක්සත් ජනපදයේ මීළඟ ඉලක්කය වෙනිසියුලාවය. ඉකුත් වකවානුවේ, ට්‍රම්ප් අණින් එහි එක්සත් ජනපද ඔත්තු සේවා ක්‍රියාත්මක කෙරිණි. වෙනිසියුලාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සෙවන සලසන බවට සහ රට තුළ ස්ථාපිත ප්‍රජාතාන්ත්‍රික ආයතන පද්ධතියට බලපෑම් එල්ල කරන බවට එක්සත් ජනපදය චෝදනා කරයි.

නව හමුදා ක්‍රියාන්විතය මගින්, කලාපයේ නීති විරෝධී ක්‍රියා සහ එවැනි ක්‍රියාසිදුකරන්නන් නිරීක්ෂණය කර, හඳුනා, අනාවරණය කර ගැනීමටත්, එමගින් එක්සත් ජනපද කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීම ඔස්සේ, බටහිර අර්ධගෝලයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව පෙන්ටගන ප්‍රකාශක, සීන් පාර්නෙල් (Sean Parnell), එක්ස්  (X) පණිවුඩයක් මගින් දන්වා  සිටී.

2017 වසරේ සේවයට එක්වූ  එක්සත් ජනපදයට අයත් ජෙරල්ඩ් ෆෝර්ඩ් යුද නෞකාව, එරට නවතම සහ ලොව විශාලතම ප්‍රහාරක යුද නෞකාව වේ. එහි නාවුක භටයින් 5000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබේ.

 




(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/25/2025


මුලාශ්‍රය :

US to escalate military presence in South America with aircraft carrier group
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...