ඒ අනුව, ඊශ්‍රායල හමුදා පසු බැස සිටින "කහ ඉර" මායිමෙන් ඔබ්බට එම මෙහෙයුම් පිණිස, සහන කණ්ඩායම් හට අවසර හිමි වේ.
මේ අතර, ගාසා තීරයේ ආරක්ෂාවට ජාත්‍යන්තර හමුදා බලකායක් කැඳවා තිබේ. එම මෙහෙයුම් පිණිස, එහි ඇතුළු විය හැක්කේ කුමන රටවලට දැයි තීරණය කිරීමේ පූර්ණ අයිතිය ඊශ්‍රායලය සතු බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විරචිත ගාසා සටන් විරාම ගිවිසුම ප්‍රකාරව, පලස්තීන හමාස් සංවිධානය අවි බිම තැබීම ප්‍රතික්ෂේප කරන පසු බිමෙක, අරාබිය ඇතුළු රාජ්‍යයන් ජාත්‍යන්තර හමුදා බලකායට සිය භට පිරිස් අනුමත කිරීමට මැලිකමක් දක්වති. එම බලකායේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ද දැඩි අවධානයෙන් පසුවේ.
ගාසා තීරයේ ආරක්ෂාව පිණිස යෙදවෙන ජාත්‍යන්තර බලකාය, එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් යටතේ පැවතිය යුතු බවට මුලින් යෝජනා කෙරුණ ද, ඒ වෙත සිය හමුදා පිටත් කර නොහරින බව, ට්‍රම්ප් පරිපාලනය කියයි. එහෙත්, එම බහුජාතික බලකායට එක් වන ලෙස ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කටාර් රාජ්‍යය, තුර්කිය සහ අසර්බයිජානය යන රටවලට ඇරයුම් කර තිබේ.

"අපේ ආරක්ෂාව අපි බලාගන්නම්. ජාත්‍යන්තර බලකාය සම්බන්ධයෙන් ද ඒක එහෙමම තමා. ප්‍රතික්ෂේප කරන්නේ මොන රටවල් ද කියල අපේ හමුදාව තීරණය කරයි. මේක තමා අපේ විදිහ, ඒ වගේම අපි දිගටම කරගෙන යන විදිහ. මේක එක්සත් ජනපදයටත් අදාලයි. ඒ රටේ, ජ්‍යෙෂ්ඨයිනුත් ඒක පිළි අරන් තියෙනවා," අග්‍රාමාත්‍ය නෙතන්යාහු එසේ පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/27/2025
මුලාශ්‍ර :
Israel allows Red Cross, Egyptian teams into Gaza as search for hostage bodies widens
Netanyahu says Israel will decide which foreign troops acceptable to secure Gaza ceasefire




