එම භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකුගේ සිරුරු තවමත් ඊශ්‍රායල හමුදා අත්පත් කර නැත. හමාස් සංවිධානය මෙයට වැඩි ප්‍රයත්නයක් දරන්නේ නම්, එම කටයුතු කඩිනම් කළ හැකි බව ඊශ්‍රායලය පවසයි.
එම මළ සිරුරු ඇති ස්ථාන පිලිබඳ හමාස් සංවිධානය නිශ්චිතව දන්නේ යැයි ද, ඊශ්‍රායලය කියා සිටී. 2023 ඔක්තෝබරයේ හමාස් සංවිධානය විසින් පැහැර ගත්, ප්‍රාණ ඇපකරුවන් 251 දෙනකු අතුරින් ජීවතුන් අතර සිටි ඉතිරි 20 දෙනා, නවතම ගාසා සටන් විරාම ගිවිසුම හමුවේ, එම සංවිධානය විසින් පසුගිය දා මුදා හැරිණි.

කෙසේ වෙතත්, ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරු සිරුරු සොයා, රතු කුරුසය හා එක්ව කටයුතු කිරීමට ඊජිප්තු තාක්ෂණ කණ්ඩායමකට ඊශ්‍රායල රජයේ අවසරය හිමිව ඇත. සටන් විරාම සමයේ ඊශ්‍රායල හමුදා පසු බැස සිටින "කහ ඉර" ට ඔබ්බෙන් එම මෙහෙයුම් සිදු කිරීමට ඔවුන්ට අනුමැතිය හිමිව තිබේ. ඒ සඳහා, සුන්බුන් ඉවත් කිරීමේ යන්ත්‍ර සහ විශාල ට්‍රක් රථ යොදා ගැනෙන බව, සහන කණ්ඩායම් පවසති.
ඊශ්‍රායලය පූර්ණ වශයෙන් ස්වාධීන රාජ්‍යයක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි. ගෝලීය බලපෑම හමුවේ, ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු, ජනපති ට්‍රම්ප්ගේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.

මෙවර පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්, එක්සත් ජනපදය විසින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය වරයා මෙහෙයවන බවට සහ එරට ආරක්ෂක කටයුතුවලට අත පොවන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ අගමැති නෙතන්යාහු, එහි ක්‍රියාත්මක වන්නේ එක්සත් ජනපද - ඊශ්‍රායල සහයෝගිතා ක්‍රියාවලියක් බව අවධාරණය කළේය.
ගාසා සටන නැවැත්වීමට ගෝලීය වශයෙන් සිදු කළ දැඩි බලපෑම හමුවේ අවනත නොවූ අග්‍රාමාත්‍ය නෙතන්යාහු, ජනපති ට්‍රම්ප් ට අවනත වූ බව වත්මන් ජාත්‍යන්තර මතය ද වේ.

කටාර් රාජ්‍යයේ සාකච්ඡා පිණිස ගිය හමාස් නායකයින් සොයා ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයට කටාර් නායකයාගෙන් සමාව ඇයද සිටින ලෙස එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට බල කර සිටියේය. එමෙන්ම, හමාස් භාරයේ පසු වූ සියලු ප්‍රාණ ඇපකරුවන් වහා මුදා හරින ලෙස එම සංවිධානයට බල කර සිටින්නැයි ද, ඔහු අරාබි රටවලින් උදක්ම ඉල්ලා සිටියේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/27/2025
මුලාශ්‍රය :
Netanyahu says Israel will decide which foreign troops acceptable to secure Gaza ceasefire




