වර්තමානයේ චීනය හා ආසියාන් සංවිධානය අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම හෙවත් කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) මත පදනම්ව, මෙම උත්ශ්‍රේණි ගත කිරීම සිදු ව තිබෙනවා.
එමෙන්ම චීන-ආසියාන් සංගම් නායකයන්ගේ 28 වන සමුළුවට එක් වූ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං කියාසිටියේ වෙනස්කම් රැසකින් යුත් වත්මන් ජාත්‍යන්තර වටපිටාව තුළ, චීනය ආසියාන් සංගම් රටවල් සමග එක්ව එක්සත්භාවය තවදුරටත් පුළුල් කරගත යුතු බවයි. බාහිර අවහිරතාවලින් බැහැරව සහයෝගයෙන් ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක් අත් කර ගත යුතු බව ද ඔහු සඳහන් කළා.
ආසියාන් සංගමයට අයත් රටවල් සමග එක්ව උපායමාර්ගික සම්බන්ධතා පැවැත්වීම තහවුරු කිරීමටත්, ‘චීන-ආසියාන් සංගම් පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ මාර්ගෝපදේශ සැලැස්ම (2026-2030)’ අනුගමනය කිරීමටත් චීනය සූදානම් බව ලී ච්‍යං එහිදී සඳහන් කළා. ආසියාන් සංගම් රටවල් සමග එක්ව, චීනය හා ආසියාන් සංගමය අතර සහයෝගිතා ස්ථාවර ලෙස තවදුරටත් ඉදිරියට මෙහෙයවීමට චීනය සූදානම් බව ද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




