BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අළු යට ගිනි මතුවේ : ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

T

The Leader Desk

October 29, 2025 • 11:37 AM

අළු යට ගිනි මතුවේ : ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදි ගත් යමහලක් වූ ගාසා සටන් විරාමය විදාරණය කරමින්, ඊශ්‍රායලය ඊයේ (28) දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් පලස්තීනුවන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • ඊයේ ඇරඹි ඊශ්‍රායල ප්‍රහාර අද (29) අළුයම තෙක් පැවති බව පලස්තීන බලධාරීහු පැවසූහ.
  • ගාසා තීරයට වහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලෙස, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්  නෙතන්යාහු නිකුත් කළ නියෝග ප්‍රකාරව එම ප්‍රහාරය සිදු කෙරිණි.
  • ඊයේ ප්‍රහාරය කුමක් අරභයා සිදු කෙරුණක් දැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට තෙසතියකට මත්තෙන්, එක්සත් ජනපදය ප්‍රමුඛ මධ්‍යස්ථ රාජ්‍ය කිහිපයකම දැඩි උත්සාහයෙන් ඇරඹි සටන් විරාමය, හමාස් සංවිධානය දිගින් දිගටම උල්ලංඝනය කළේය. ඊයේ ඇරඹි ඊශ්‍රායල ප්‍රහාර අද (29) අළුයම තෙක් පැවති බව පලස්තීන බලධාරීහු පැවසූහ.

ගාසා තීරයට වහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලෙස, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්  නෙතන්යාහු නිකුත් කළ නියෝග ප්‍රකාරව එම ප්‍රහාරය සිදු කෙරිණි.  

 

මධ්‍යම ගාසා තීරයේ බුරෙයිජ් (Bureij)  අවතැන් කඳවුරේ නෙවාසිකයින් 5 දෙනකු, ගාසා නගරයේ සබ්‍රා (Sabra) පෙදෙස් බද ගොඩනැගිල්ලක් තුළ වූ පුද්ගලයින් සිව් දෙනකු සහ ඛාන් යුනිස් (Khan Younis) හි මෝටර් රථයක සිටි 5 දෙනකු ද ජීවිතක්ෂයට පත්වූවන් අතර වන බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

ඊයේ ප්‍රහාරය කුමක් අරභයා සිදු කෙරුණක් දැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නැත. එහෙත්, ගාසා තීරයේ ඊශ්‍රායල බල ප්‍රදේශයේ ස්ථාන ගත කර සිටි, හමුදා එල්ල කර සටන් විරාමය උල්ලංඝනය කරමින්, හමාස් ත්‍රස්තයින් ප්‍රහාරයක් දියත් කළ බව, ඊශ්‍රායල හමුදා නිලධාරියකු ප්‍රකාශ කළේ යැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

 



ගාසා තීරයේ නවතම සටන් විරාමය මෙම මස 10 දා ආරම්භ විය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, සටන් විරාමය උල්ලංඝනය කරන බවට එකිනෙකාට එරෙහි චෝදනා දක්වමින් සිටිති. ඊයේ, ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ වුව, සටන් විරාමය ක්‍රියාත්මක බව එක්සත් ජනපද උප ජනාධිපති - ජේඩී වෑන්ස් කියා සිටී.

"පොඩි පොඩි හැල හැප්පිලි" පැවතිය හැකි මුත් ඉන් සටන් විරාමයට හානියක් නැතැයි, ඔහු පවසයි. හමාස් හෝ ගාසා තීරයේ ක්‍රියාත්මක වෙනත් කිසිවකු හෝ ඊශ්‍රායල හමුදා භටයකුට වෙඩි තැබූ බව තහවුරු බවත්, ඊට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය කටයුතු කරන බව ප්‍රත්‍යක්ෂ කරුණක් බවත්, ඔහු අවධාරණය කරයි.

ඊශ්‍රායල ප්‍රහාරයට පෙර, ඊයේ දකුණු ගාසා නගරයේ රෆා (Rafah) ප්‍රදේශයේ, එම හමුදා සහ හමාස් සටන් කරුවන් අතර වෙඩි හුවමාරු පැවති බව ඊශ්‍රායල ගුවන් විදුලිය නිවේදනය කළේය. එහෙත්, එවැනි ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා, හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි.

 

p0mcb5lm
සටන් විරාම ගිවිසුමට අනුව, හමාස් සංවිධානය භාරයේ සිටියදී මියගිය සියලු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙත ලබා දිය යුතු බවට එකඟත්වය ප්‍රකාශ කර තිබේ. එහෙත්, හමාස් සංවිධානය එම ක්‍රියාවලිය ව්‍යාකූල කරන බවට ඊශ්‍රායලය චෝදනා කරයි. 

ප්‍රාණ ඇපකරු සිරුරු කොටසක් ලෙස ඊශ්‍රායල හමුදා වෙත යළි ලබාදුන් මිනිස් ශේෂ, 2023, ඔක්තෝබර 7දා ඊශ්‍රායලය වෙත එල්ල කළ  හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී මිය ගිය ඊශ්‍රායල ජාතිකයකුගේ බව, අග්‍රාමාත්‍ය නෙතන්යාහු ඊයේ පැවසීය. ඔහුට අයත් සිරුරු කොටස් ඒ වන විටත්, ඊශ්‍රායල හමුදා විසින් තහවුරු කර තිබූ බව, ඔහු කියා සිටියේය.

ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් මිය ගිය ප්‍රාණ ඇපකරු මළ සිරුරු භාර දීම පමා කරන බව හමාස් සන්නද්ධ අංශය  වන අල්-ඛසාම් බලකාය ( Al-Qassam Brigades) පවසයි.  

a gaza s
ගාසා යුද්ධයෙන් මේ වන විට 68,000කට අධික පිරිසක් ඝාතනය ව, තවස් දහස් සංඛ්‍යාත පිරිසක් අතුරුදන්ව සිටිති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/29/2025

මුලාශ්‍රය :

Israel strikes Gaza after accusing Hamas of violating US-brokered ceasefire

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...