BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මෙලිස්සා සුළි කුණාටුව කියුබාව වනසයි

T

The Leader Desk

October 29, 2025 • 12:44 PM

මෙලිස්සා සුළි කුණාටුව කියුබාව වනසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිහිසුණු මෙලිස්සා (Melissa) සුළි කුණාටුව අද (29) කියුබාවට කඩා වැදුණාය. ඒ, යාබද ජැමෙයිකාව වනසා පැය කිහිපයකට පසුවය.
  • පැයට සැතපුම්120ක වේගයෙන් එය, නැගෙනහිර කියුබාවේ දකුණු වෙරළ තීරයට ඇතුළු වූ බව, එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පැවසීය.
  • නැගෙනහිර කියුබාවේ 735,000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.
  • සුළි කුණාටුව හේතුවෙන් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත්වීමට කෙරෙන දැනුම්දීම්වලට අවනත වන ලෙස කියුබා ජනපති, මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Diaz-Canel ), ජනතාවට අනතුරු අඟවා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

කැරිබියන් දිවයිනක් වන කියුබාවට ඉතිහාසයේ මෙතෙක් බලපෑ දරුණුතම සුළි කුණාටුව  මෙය වේ. පැයට සැතපුම්120ක වේගයෙන් එය, නැගෙනහිර කියුබාවේ දකුණු වෙරළ තීරයට ඇතුළු වූ බව, එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පැවසීය.

නැගෙනහිර කියුබාවේ 735,000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ. සුළි කුණාටුව හේතුවෙන් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත්වීමට කෙරෙන දැනුම්දීම්වලට අවනත වන ලෙස කියුබා ජනපති, මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Diaz-Canel ), ජනතාවට අනතුරු අඟවා සිටී.

 



සුළි කුණාටුව හේතුවෙන්, නැගෙනහිර ජැමෙයිකාවේ 500,00කට අධික පිරිසකට විදුලිය අහිමි වී තිබේ. එරට රෝහල් කිහිපයක්ද විනාශව පවතී. සුළි කුණාටුව සහ තද වැසි ආශ්‍රිත ජල ගැලීම් හේතුවෙන්, නිවාස සහ වෙළඳ දේපළ රැසක් ද  හානි වී තිබේ.

2005 වසරේ කැරිබියන් කලාපයට බලපෑ විල්මා (Wilma) සහ 1988 දී ආ ගිල්බර්ට් (Gilbert) සුළි කුණාටුවලින්  පසුව පැමිණි දරුණුතම සුළි කුණාටුව මෙය ය. 


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/29/2025

මුලාශ්‍රය :
Hurricane Melissa hits Cuba hours after devastating Jamaica

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...