BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් වහා අරඹනු' - ජනපති ට්‍රම්ප්ගෙන් පෙන්ටගනයට අණ

T

The Leader Desk

October 30, 2025 • 3:07 PM

'න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් වහා අරඹනු' - ජනපති ට්‍රම්ප්ගෙන් පෙන්ටගනයට අණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනෙකුත් න්‍යෂ්ටික බලවතුන් හා කරට කර එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම වහා අරඹන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්
  • ඔහු අද (30) දකුණු කොරියාවේදී චීන ජනපති, ෂී ජින්පින් (Xi Jinping) හමු වෙයි.
  •   අනෙකුත් රටවල්ද න්‍යෂ්ටික පරීක්ෂණ වැඩසටහන් පවත්වන නිසා, තමන්ද සිය "යුද දෙපාර්තමේන්තුවට" එසේ කරන ලෙස උපදෙස් නිකුත් කළ බව, ජනපති ට්‍රම්ප් පවසයි.
  • එය වහ වහා සිදු කරන බව සිය ටෘත් (Truth Social) සමාජ ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයට උපදෙස් දුන්නේය.

ඔහු අද (30) දකුණු කොරියාවේදී චීන ජනපති, ෂී ජින්පින් (Xi Jinping) හමු වෙයි.  

අනෙකුත් රටවල්ද න්‍යෂ්ටික පරීක්ෂණ වැඩසටහන් පවත්වන නිසා, තමන්ද සිය "යුද දෙපාර්තමේන්තුවට" එසේ කරන ලෙස උපදෙස් නිකුත් කළ බව, ජනපති ට්‍රම්ප් පවසයි. එය වහ වහා සිදු කරන බව සිය ටෘත් (Truth Social) සමාජ ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටී.  

රුසියාව  න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වෙන පොසෙයිඩන්  (Poseidon) සුපිරි ටෝපිඩෝ අවියක් අති සාර්ථක ලෙස අත්හදා බැලූ බව, ජනපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (29) අනාවරණය කළේය. එය, සාගර පෘෂ්ඨය මත දැවැන්ත විකිරණ රළ ජනිත කරමින් වෙරළාශ්‍රිත ප්‍රදේශ සහමුලින් වනසාලිය හැකි අති  බිහිසුණු අවියක් බව  යුද විශ්ලේෂකයෝ පවසති.  

රුසියාව ඉකුත් 21 දා බුරෙවෙස්ට්නික් (Burevestnik)  කෲස් මිසයිලයක් ද සාර්ථකව අත්හදා බැලීය. පසු දින තවත් න්‍යෂ්ටික අභ්‍යාස කිහිපයක් ද සිදු කළේය.

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ජනපති පුටින්, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උදහසට ලක්ව සිටී.

1945 දී එක්සත් ජනපදය සිය න්‍යෂ්ටික යුගය ආරම්භ කළේය. ඒ නිව් මෙක්සිකෝවේ ඇලමොගොඩෝ  (Alamogordo) හි කිලෝටෝන් 20ක පරමාණු බෝම්බයක් අත්හදා බලමිනි. අනතුරුව දෙවන ලෝක සංග්‍රාමය අවසන් කිරීමේ අරමුණින්1945 වසරේ අගෝස්තු මස,  ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත පරමාණු බෝම්බ හෙලීය.

එක්සත් ජනපදය අවසන් වරට න්‍යෂ්ටික අවි  අත්හදා බැලීමක් සිදු කළේ 1992 දී ය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/30/2025

මුලාශ්‍රය :

Trump tells Pentagon to immediately resume testing US nuclear weapons

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...