BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපානය වලස් දඩයමේ

T

The Leader Desk

November 1, 2025 • 4:50 AM

ජපානය වලස් දඩයමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානය තුළ සීග්‍රයෙන් වර්ධනය වන වලස් උවදුර මැඩලීමට රාජ්‍ය මැදිහත්වීමෙන් පියවර ගැනේ.
  • ජපානයේ, කඳුකර, වනබද  සහ ජනාකීර්ණ ස්ථානයන් හි වලසුන් ගැවසීම වර්ධනය වී ඇතැයි එරට එන්.
  • ඉකුත් මස පමණක් ජපන් වැසියන් වෙත වලස් ප්‍රහාර 80කට අධික සංඛ්‍යාවක් එල්ල වී තිබේ.
  • ජපානයේදී වලසුන් පිලිබඳ විමසිලිමත් වන ලෙස, බ්‍රිතාන්‍යය ද එරට වැසියන්ට මාර්ගෝපදේශ නිකුත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම  මස මැද භාගය වන විට, ඒ පිලිබඳ වැඩි දුර සැලසුම් ඉදිරිපත් කරන ලෙස එරට අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ජපානයේ, කඳුකර, වනබද  සහ ජනාකීර්ණ ස්ථානයන් හි වලසුන් ගැවසීම වර්ධනය වී ඇතැයි එරට එන්. එච්. කේ. (NHK) රූපවාහිනිය මෑතක සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය විය.

bear
ඉකුත් මස පමණක් ජපන් වැසියන් වෙත වලස් ප්‍රහාර 80කට අධික සංඛ්‍යාවක් එල්ල වී තිබේ. ජපානයේදී වලසුන් පිලිබඳ විමසිලිමත් වන ලෙස, බ්‍රිතාන්‍යය ද එරට වැසියන්ට මාර්ගෝපදේශ නිකුත් කළේය.

ඒ පිලිබඳ ඉකුත් බ්‍රහස්පතින්දා (30) පැවති ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුවේදී, අමාත්‍ය මණ්ඩල ප්‍රධාන ලේකම්, කිහරා මිනෝරු (Kihara Minoru), වලස් උවදුර තුරන් කිරීම පිණිස නව පියවර රැසකින් හෙබි යෝජනාවලියක් ඉදිරිපත් කළේය. අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන රැසක නියෝජිතයින් හා මීට පෙර පැවති  සාකච්ඡා පදනම් කර, එම යෝජනාවලිය කෙටුම්පත් කෙරිණි.

මෙම වසරේ ජපානය තුළ වලස් ප්‍රහාර වැඩි වී ඇතැයි, කිහරා පවසයි.  මේ වන  විට, ජන ජීවිතයට තර්ජන එල්ල කරමින් විවිධ හේතුන් මත,  ජපානය පුරාම වලස් උවදුර ව්‍යාප්තව ඇතැයි, ඔහු කියා සිටී.

 

kihari
එම උවදුරින් ජන ජීවිත හා ජීවිත ආරක්ෂා කිරීම පිණිස, සමස්ත ජපානයේම දැඩි හදිසි ක්‍රියාමාර්ග රැසක් වහා ක්‍රියාත්මක කරන බව ද, ඔහු අවධාරණය කරයි.

එමගින්, හදිසි දැනුම්දීම් මත ක්‍රියාත්මක වීමට වලස් දඩයම් කරුවන් බලාත්මක කෙරේ. ඊට අවසරපත් නිකුත් කිරීම පිණිස, අමාත්‍යංශ සහ හඳුනාගත් වෙනත් රාජ්‍ය නිලධාරීන් වැඩි පිරිසකට බලය පැවරේ.

එම ක්‍රියාන්විත වලදී පොලිසිය හා දඩයම්කරුවන් අතර සහයෝගය නියාමනය උදෙසා සම්බන්ධීකරණය, ඊට අනුබද්ධ  අමාත්‍යංශ සහ රාජ්‍යායතන ඔස්සේ සිදු  කෙරේ. අදාළ රාජකාරි අප්‍රමාදීව ඉටු කිරීම වෙනුවෙන්   දඩයම් කරුවන්ට රජයෙන් වැටුප් හිමි වේ.

මෙම මස මැද භාගය වන විට එම ක්‍රියාන්විත සිදු කෙරෙන අන්දම සහ නියමිත වැටුප් නිර්ණය කිරීම පිලිබඳ සැලසුම් ඉදිරිපත් කරන මෙන්, අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

 

bear post
මේ පිලිබඳ පසු ගිය දා පැවති  කැබිනට් රැස්වීමට එරට පරිසර අමාත්‍ය, ඉෂිහාරා හිරොතකා  (Ishihara Hirotaka) සහ අධ්‍යාපන අමාත්‍ය, මට්සුමොටෝ යොහේයි (Matsumoto Yohei ) ද එක් වූහ.

පාසල් පරිශ්‍රයේදී හා ඉන් පිටත මෙන්ම පාසල් යන එන වාරයේ වලස් උවදුරින් පාසල් සිසු සිසුවියන් ආරක්ෂා කර ගැනීම පිණිස, ආපදා කළමනාකරණ අත්පොත් යාවත්කාලීන කරන මෙන්, අධ්‍යාපන අමාත්‍යංශය විසින් රට පුරා අධ්‍යාපන මණ්ඩල වෙත දැනුම් දී තිබේ.


(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/01/2025

මුලාශ්‍රය :

Japan to work out additional measures for responding to growing bear attacks | NHK WORLD-JAPAN News

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...