BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා සටන් විරාමයේ ඊයේත් ඊශ්‍රායල ප්‍රහාර

T

The Leader Desk

November 1, 2025 • 5:39 AM

ගාසා සටන් විරාමයේ ඊයේත් ඊශ්‍රායල ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා සටන් විරාමය තුළ සිව් වන දිනටත්, ඊශ්‍රායලය ඊයේ (31) ඒ වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර හේතුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගාසා සටන් විරාමය දින දින බිඳ වැටෙමින් පවතී.
  • ගුවනින් සහ භූමිය මතින් එල්ල කළ එම ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 104 දෙනකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
  • ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් පලස්තීනුවන් 30 දෙනකුගේ සිරුරුද  පලස්තීන සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට රතු කුරුසය පියවර ගත්තේය.
  • (සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ( harshaprs@yahoo.com ) 11/01/2025 මුලාශ්‍රය : Israeli attacks kill three Palestinians in Gaza, testing fragile truce  
අකුරු ප්‍රමාණය (Font Size):


උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ෂෙල් ප්‍රහාර සහ වෙඩි තැබීම් සිදු වූ බව ඇසින් දුටුවන් පැවසී යැයි,  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සටන් විරාමය ප්‍රකාරව පලස්තීන හමාස් සටන් කරුවන් අවි බිම තැබීම සහ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම තවමත් සිදු වී නැත. තෙසතියකට පමණ පෙර ඇරඹි සටන් විරාමය මධ්‍යයේ කඩින් කඩ, දෙපසේම ප්‍රහාර වාර්තා වේ.

ඊශ්‍රායල භටයකු වෙඩි තබා ඝාතනය කිරීම පදනම් කොට එම හමුදා ඉකුත් අඟහරුවාදා සහ බදාදා  දෙදින ගාසා තීරයේ දැවැන්ත සන්නද්ධ ක්‍රියාන්විතයක් දියත් කළහ. ගුවනින් සහ භූමිය මතින් එල්ල කළ එම ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 104 දෙනකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් සැලකිය යුතු සංඛ්‍යාවක් කාන්තාවන් සහ  කුඩා ළමෝ වෙති.



මේ අතර, සිය  භාරයේ සිටියදී මිය ගිය තවත් ප්‍රාණ ඇපකරු සිරුරු දෙකක් රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායලය වෙත භාර දීමට හමාස් සංවිධානය විසින් කටයුතු කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් පලස්තීනුවන් 30 දෙනකුගේ සිරුරුද  පලස්තීන සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට රතු කුරුසය පියවර ගත්තේය.


(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/01/2025


මුලාශ්‍රය :

Israeli attacks kill three Palestinians in Gaza, testing fragile truce

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...