BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තවත් ප්‍රාණ ඇපකරු සිරුරු තුනක් ඊශ්‍රායල වෙත

T

The Leader Desk

November 3, 2025 • 8:51 AM

තවත් ප්‍රාණ ඇපකරු සිරුරු තුනක් ඊශ්‍රායල වෙත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් සංවිධානය භාරයේ සිටියදී මිය ගිය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු සිරුරු තුනක්, රතු කුරුස සංවිධානය ඔස්සේ ඊයේ (02) භාර දීමට පියවර ගෙන තිබේ.
  • එසේ භාර දී ඇත්තේ, සටන් විරාම ගිවිසුම ප්‍රකාරව ඊශ්‍රායලය විසින්  ඉල්ලා ඇති, ගාසා තීරයේ අතුරුදන් වූ  ප්‍රාණ ඇපකරු සිරුරු 11ක් අතුරින්  03ක් බව ඊශ්‍රායලය කියයි.
  • සිය හමුදා වෙත  තර්ජන එල්ල කළ පුද්ගලයකු ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.
  • ගාසා නගරබද ෂෙජෙයා ( Shejaia) පෙදෙසේ එළවළු වෙළඳපොළක් ආසන්නයේ එල්ල වූ ඊශ්‍රායල  ගුවන් ප්‍රහාරයකින් එම ඝාතනය සිදු වූ බව  අලහ්ලි (Al-Ahli) රෝහල් ප්‍රකාශකයකු  පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සිරුරු හඳුනාගැනීම පිණිස ඊශ්‍රායලය වෙත පිටත් කර යැවිණි.

එසේ භාර දී ඇත්තේ, සටන් විරාම ගිවිසුම ප්‍රකාරව ඊශ්‍රායලය විසින්  ඉල්ලා ඇති, ගාසා තීරයේ අතුරුදන් වූ  ප්‍රාණ ඇපකරු සිරුරු 11ක් අතුරින්  03ක් බව ඊශ්‍රායලය කියයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඊයේ ගාසා තීරයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය. සිය හමුදා වෙත  තර්ජන එල්ල කළ පුද්ගලයකු ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. ගාසා නගරබද ෂෙජෙයා ( Shejaia) පෙදෙසේ එළවළු වෙළඳපොළක් ආසන්නයේ එල්ල වූ ඊශ්‍රායල  ගුවන් ප්‍රහාරයකින් එම ඝාතනය සිදු වූ බව  අලහ්ලි (Al-Ahli) රෝහල් ප්‍රකාශකයකු  පැවසීය.



ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා පාලන ප්‍රදේශයේ තවමත් ශේෂව සිටින හමාස් කණ්ඩායම් සොයා, ඔවුන් ක්‍රමානුකූලව විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/03/2025

මුලාශ්‍රය :

Hamas hands over three more hostage bodies

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...