BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද තර්ජනයට නයිජීරියාවේ විරෝධය

T

The Leader Desk

November 3, 2025 • 3:58 PM

එක්සත් ජනපද තර්ජනයට නයිජීරියාවේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයිජීරියාවේ ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව එක්සත් ජනපදය සහාය ලබා දීම සාදරයෙන් පිළිගන්නා මුත්,
  • එරටට එරෙහි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ "තර්ජනයට" ප්‍රතිචාර ලෙස නයිජීරියා රජය ඊයේ (02) එසේ ප්‍රකාශ කළේය.
  • නයිජීරියාවට එරෙහි "කඩිනම්" හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන ලෙස, ජනපති ට්‍රම්ප් විසින් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
  •   ජනපති ට්‍රම්ප්, නයිජීරියාව අප්‍රසාදිත රටක් ලෙස නම් කර සිටියද, දෙරට අතර ද්වීපාර්ශ්වික අර්බුදයක් නැතැයි ද, බ්වලා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

කලාපීය ඒකාග්‍රතාව සහ රාජ්‍ය ස්වෛරීත්වය උල්ලංඝනය වන කිසිදු ක්‍රියාමාර්ගයක් අනුමත නොකරන බව, නයිජීරියාව පවසයි.

එරටට එරෙහි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ "තර්ජනයට" ප්‍රතිචාර ලෙස නයිජීරියා රජය ඊයේ (02) එසේ ප්‍රකාශ කළේය.

නයිජීරියාවට එරෙහි "කඩිනම්" හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන ලෙස, ජනපති ට්‍රම්ප් විසින් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වා තිබේ. අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නයිජීරියාවේ කිතුණු සංහාර පිටුදැකීමට රජය අපොහොසත්වීම ඊට හේතුවයි.

එම ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජනපද මැදිහත්වීම නයිජීරියාවේ කලාපීය ඒකාග්‍රතාව ඉක්මවා නොයන්නේනම්, ඊට විරෝධයක් නැතැයි, එරට ජනපති බෝලා ටිනිබු ( Bola Tinubu) ගේ උපදේශක ඩැනියෙල් බ්වලා  (Daniel Bwala) කියා සිටියේය.  

ජනපති ට්‍රම්ප්, නයිජීරියාව අප්‍රසාදිත රටක් ලෙස නම් කර සිටියද, දෙරට අතර ද්වීපාර්ශ්වික අර්බුදයක් නැතැයි ද, බ්වලා පැවසීය.

දෙරට නායකයන් අතර මේ පිලිබඳ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ත්‍රස්තවාදය පිටුදැකීම පිණිස, වඩා සාර්ථක මෙන්ම සහයෝගාත්මක පියවර ගැනෙනු  ඇතැයි, අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ජන වර්ග 200කින් පමණ යුත් නයිජීරියාවේ ජනගහනය මිලියන 200 ඉක්මවයි. එහි උතුරුකරයේ මුස්ලින් ජනතාව වෙසෙන අතර, දකුණේ බහුතරය කිතුණුවන් ගෙන් සමන්විතය.

බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය බටහිර අප්‍රිකානු ප්‍රාදේශිකය වැනි සංවිධාන විසින් වසර 15කට අධික කාලයක් තිස්සේ එරට අඛණ්ඩ ගැටුම් ඇති කර තිබේ. බොහෝ විට, එම ගැටුම් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඊශානදිග නයිජීරියාවට සීමාව පවතින අතර, ගැටුම් හමුවේ මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. එම ගැටුම් වලින් කිතුණුවන්  මිය ගිය ද ජීවිතක්ෂයට පත් වැඩි පිරිස මුස්ලිම් ජනයා වෙති.

වගා බිම් වෙත ජල සම්පාදන ගැටළු හේතුකොට මධ්‍යම නයිජීරියාවේ මුස්ලිම් සහ කිතුණු ජන කොටස් අතර දීර්ඝකාලීන  ගැටුම් ඇතිවී තිබේ. වයඹදිග නයිජීරියාවේ ක්‍රියාත්මක කැරලිකරුවෝ නිරන්තරයෙන් ගම්මාන වලට කඩාවදිමින් කප්පම් ඉල්ලා පුද්ගලයින් පැහැර ගනිමින් සිටිති.

සමාජයීය අනාරක්ෂිත භාවයට එරෙහි සටනේ දී නයිජීරියාව කිසි විටෙකත් කිසිදු ජන වර්ගයකට හෝ ආගමික කොට්ඨාශයකට  චෝදනා එල්ල නොකරන බව ද, බ්වලා අවධාරණය කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/03/2025


මුලාශ්‍රය :

Nigeria says US help against Islamist insurgents must respect its sovereignty



සබැඳි පුවතක් :

නයිජීරියාවට එක්සත් ජනපද හමුදා ගුවන් ප්‍රහාර !


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...