BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පෙරු හිටපු අගමැතිනි බෙට්සි, ඇප පිට මෙක්සිකෝ රැකවරණ පතා පලා යයි

T

The Leader Desk

November 4, 2025 • 8:00 AM

පෙරු හිටපු අගමැතිනි බෙට්සි, ඇප පිට මෙක්සිකෝ රැකවරණ පතා පලා යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරු රාජ්‍යය හා මෙක්සිකෝව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටේ. පෙරු දේශයේ විදේශ අමාත්‍යංශය ඊයේ (03), ඒ බව නිවේදනය කළේය.
  • 2022 වසරේ, පෙරු  හිටපු ජනපති, කැස්ටිලෝ හට එරට කොන්ග්‍රසය විසුරුවා හැරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන්, බෙට්සි අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින්නීය.
  •  2023 වසරේ සිට සිරදඬුවමට ලක්වූ බෙට්සි, විනිසුරුවකු විසින් ඉකුත් සැප්තැම්බරයේ ඇප පිට නිදහස් කෙරිණි.
  •   බෙට්සිගේ පලායාම සම්බන්ධයෙන් පෙරු RPP ගුවන් විදුලිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළ ඇගේ නීතීඥවරයා, දින කිහිපයක සිට බෙට්සිගෙන් තොරතුරක් නොලද බව හා  ඇය විසින් දේශපාලන රැකවරණ ඉල්ලා සිටි බවට කරුණු කිසිත් නොදන්නා බව ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට හිටපු අග්‍රාමාත්‍යවරිය, දේශපාලන රැකවරණ පතා මෙක්සිකෝ තානාපති කාර්යාලය වෙත පලා යාම ඊට හේතුවයි.

ජනපති පෙද්‍රෝ කැස්ටිලෝ (Pedro Castillo) යටතේ සේවය කළ, හිටපු අගමැතිනි, බෙට්සි චාවේස් (Betssy Chavez), මෙක්සිකෝ තානාපති කාර්යාලයට පලා ගිය බව රාජ්‍ය නිලධාරීන් "දැනගත්තේ" ඊයේ උදෑසන බව,  මාධ්‍යවේදීන් ඇමතූ පෙරු විදේශ අමාත්‍ය, හියුගෝ ඩි සෙලා (Hugo de Zela) පැවසීය.

peru 2හියුගෝ ඩි සෙලා

 

මෙක්සිකෝ තානාපති කාර්යාලය සිදුකළ "මිත්‍රද්‍රෝහී" ක්‍රියාව සහ වත්මන මෙන්ම අතීතයේ ද, එරට ජනපතිවරුන් පෙරු හි අභ්‍යන්තර කටයුතුවලට පුන පුනා අත පෙවීම පිලිබඳ විරෝධය පා, මෙක්සිකෝව හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණය කළ බව, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

2022 වසරේ, පෙරු  හිටපු ජනපති, කැස්ටිලෝ හට එරට කොන්ග්‍රසය විසුරුවා හැරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන්, බෙට්සි අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින්නීය. ධුරයෙන් නෙරපා හැරුණු කැස්ටිලෝ, තවමත් අත්අඩංගුවේ පසුවේ.  2023 වසරේ සිට සිරදඬුවමට ලක්වූ බෙට්සි, විනිසුරුවකු විසින් ඉකුත් සැප්තැම්බරයේ ඇප පිට නිදහස් කෙරිණි.

 

බෙට්සිගේ පලායාම සම්බන්ධයෙන් පෙරු RPP ගුවන් විදුලිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළ ඇගේ නීතීඥවරයා, දින කිහිපයක සිට බෙට්සිගෙන් තොරතුරක් නොලද බව හා  ඇය විසින් දේශපාලන රැකවරණ ඉල්ලා සිටි බවට කරුණු කිසිත් නොදන්නා බව ප්‍රකාශ කළේය.

මීට පෙර වරක්, කැස්ටිලෝ, පෙරු කොන්ග්‍රසය විසුරුවා හැරීමේ කුමන්ත්‍රණයේ යෙදී සිටින අතර වාරයේ, ඇයව මෙක්සිකෝ තානාපති කාර්යාලය වෙත "ඇරලවන" ලෙස බෙට්සි පැවසී යැයි, ඇගේ රියදුරු  විසින් මීට පෙර තහවුරු කර තිබිණි.

 

peru1
එවර, බෙට්සි එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීම පිලිබඳ කිසිත්  නොදන්නේ යැයි ද, කියා සිටියාය.

පැමිණිල්ලේ නීතීඥයෝ ඇයට එරෙහි 25 වසරක සිර දඬුවම් ඉල්ලා සිටිති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/04/2025

මුලාශ්‍රය :

Peru breaks off diplomatic relations with Mexico after ex-PM flees to Mexican embassy

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...