BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මෙක්සිකානු ජනපතිනිය මහ පාරේදි ලිංගික හිංසනයට ලක්වෙයි

T

The Leader Desk

November 6, 2025 • 9:03 AM

මෙක්සිකානු ජනපතිනිය මහ පාරේදි ලිංගික හිංසනයට ලක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙක්සිකානු ජනාධිපතිනී, ක්ලවුඩියා ෂෙයින්-බවුම් එරට පොලිසීය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
  • ඇය පෙරේදා දිනයේ (04) එරට ජනාධිපති මන්දිරයේ සිට අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පා ගමනින් යන අවස්ථාවේදී, මාර්ගයේ සිටි පුද්ගලයින් සමග කතා බහක නිරත වී තිබේ.
  •   රැස්ව සිටි අනෙක් කාන්තාවන්ටද අදාල පුද්ගලයාගෙන් හිරිහැර වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කල බව ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ය.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙක්සිකෝවේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන්ගෙන් 70%ක් පමණ තම ජීවිතයේ අවම වශයෙන් එක් අවස්ථාවකදී ලිංගික හිරිහැර වලට මුහුණ දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ , ඇය මුහුණ දුන් ලිංගික හිංසනයක් සම්බන්ධයෙනි.

ඇය පෙරේදා දිනයේ (04) එරට ජනාධිපති මන්දිරයේ සිට අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පා ගමනින් යන අවස්ථාවේදී, මාර්ගයේ සිටි පුද්ගලයින් සමග කතා බහක නිරත වී තිබේ.

එම අවස්ථාවේදී ඇගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු, ජනාධිපතිනිය ස්පර්ෂ කර ඇයව සිපගැනීමට උත්සහ කරන දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

 

mexico

රැස්ව සිටි අනෙක් කාන්තාවන්ටද අදාල පුද්ගලයාගෙන් හිරිහැර වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කල බව ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙක්සිකෝවේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන්ගෙන් 70%ක් පමණ තම ජීවිතයේ අවම වශයෙන් එක් අවස්ථාවකදී ලිංගික හිරිහැර වලට මුහුණ දී තිබේ.

මෙක්සිකානු ජනාධිපතිනිය පවසන්නේ, ලිංගික හිරිහැර කිරීම් සහ ලිංගික හිංසන, රට පුරා අපරාධමය වරදක් බවට පත්කළ යුතු බවයි.

රටේ පළමු පුරවැසියා ප්‍රසිද්ධියේ එලෙස හිරිහැරයට ලක්වන්නේ නම්, රටේ අනෙක් කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇත්තේ ඉතාම ශෝකජනක තත්ත්වයක් බව ජනාධිපතිනිය පෙන්වා දෙනු ලබයි.

(aruna)




මුලාශ්‍ර:

Creep gropes, tries to kiss Mexican President Claudia Sheinbaum while she speaks with citizens in Mexico City streets

Man gropes Mexico’s President Claudia Sheinbaum in bizarre attempt to kiss her; Video goes viral

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙක්සිකානු ජනපතිනිය මහ පාරේදි ලිංගික හිංසනයට ලක්වෙයි | The Leader