BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල හිටපු ප්‍රධාන හමුදා නීති නිලධාරිනී අත්අඩංගුවට

T

The Leader Desk

November 6, 2025 • 12:18 PM

 ඊශ්‍රායල හිටපු ප්‍රධාන හමුදා නීති නිලධාරිනී අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය රැඳවුම් භාරයට පත් ඊශ්‍රායල හමුදාවේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනී අද්වකාත් ජෙනරාල්, මේජර්-ජෙනරාල් යිෆට් ටොමර්- යෙරුෂල්මි ( Yifat Tomer-Yerushalmi ) හෙට (07) තෙක් අත්අඩංගුවේ රඳවා තබන ලෙස නියෝග කෙරේ.
  • ඉකුත් වසරේ අගෝස්තු මස එම වීඩියෝව සමාජගත වීම සිය අනුමැතියෙන් සිදුවූවක් බව පිළිගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇය ප්‍රකාශ කළාය.
  • පසුගිය ඉරිදා (02)  ඇය අතුරුදන් බවට පල  වුවද, පසුව ඇය සොයා, අත්අඩංගුවට ගත්  බව   නිවේදනය කෙරිණි.
  • එම හමුදා භාරයේ වූ පලස්තීන රැඳවියකු දරුණු වද හිංසනයට ලක් කරමින්, ඔහුගේ අස්ථි   බිඳ, පෙනහළු සිදුරු කර, ගුද මාර්ගයටද බරපතල තුවාළ සිදු කර අපයෝජනය කිරීම සම්බධයෙන් එම අධි චෝදනා   ගොනු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අපරාධ විමර්ශනයක් මත  ඇය  පසුගිය සතියේ ධුරයෙන් ඉල්ලා අස්  වූවාය. ගාසා යුද සමයේ අත්අඩංගුවට පත් පලස්තීන ජාතිකයකු ඊශ්‍රායල හමුදා භටයන් විසින් අපයෝජනය කෙරෙන    අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ගත වීම සම්බන්ධයෙන්  විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඉකුත් වසරේ අගෝස්තු මස එම වීඩියෝව සමාජගත වීම සිය අනුමැතියෙන් සිදුවූවක් බව පිළිගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇය ප්‍රකාශ කළාය. පසුගිය ඉරිදා (02)  ඇය අතුරුදන් බවට පල  වුවද, පසුව ඇය සොයා, අත්අඩංගුවට ගත්  බව   නිවේදනය කෙරිණි.  

එම අපයෝජනය පිලිබඳ සිදු කෙරුණු විමර්ශනයකදී ප්‍රධාන හමුදා නීති නිලධාරිනී විසින් ඊශ්‍රායල භටයින් පස්  දෙනකුට එරෙහි අධි චෝදනා ගොනු කෙරිණි. එම හමුදා භාරයේ වූ පලස්තීන රැඳවියකු දරුණු වද හිංසනයට ලක් කරමින්, ඔහුගේ අස්ථි   බිඳ, පෙනහළු සිදුරු කර, ගුද මාර්ගයටද බරපතල තුවාළ සිදු කර අපයෝජනය කිරීම සම්බධයෙන් එම අධි චෝදනා   ගොනු කෙරිණි.  

ඊශ්‍රායල හමුදා භටයින් පස්දෙනා සම්බන්ධ විමර්ශනවලට දක්ෂිණාංශික දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය එල්ල විය. විමර්ශනයට විරෝධය පා ඊශ්‍රායල හමුදා පරිශ්‍ර දෙකක් වෙත විරෝධතාකරුවන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

හමුදා කඳවුරු ආරක්ෂක කැමරා පද්ධතියෙක සටහන්ව තිබූ පලස්තීන රැඳවියකු ඊශ්‍රායල භටයින් විසින් අපයෝජය කෙරෙන දර්ශන  එරට එන්12 ප්‍රවෘත්ති (  N12 News) නාලිකාව ඔස්සේ විකාශය විය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/06/2025

මුලාශ්‍රය :

Israel extends arrest of military's former top legal officer, source says

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...