BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ලෙබනනය වෙනුවෙන් සටන් වැදීමට සූදානම්' - හිස්බුල්ලා සංවිධානය

T

The Leader Desk

November 6, 2025 • 12:30 PM

  'ලෙබනනය වෙනුවෙන් සටන් වැදීමට සූදානම්' - හිස්බුල්ලා සංවිධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල ආක්‍රමණ වලට එරෙහිව විරෝධය දැක්වීමට නීත්‍යානුකූල හිමිකමක් තමන් සතු බව, ලෙබනන හිස්බුල්ලා සංවිධානය පවසයි.
  • ලෙබනන හමුදා වෙත සහාය දක්වන බව ඔවුහු පවසති.
  •   දකුණු ලෙබනනය ආක්‍රමණයේ යෙදෙන ඊශ්‍රායල හමුදා වෙත පහර දෙන ලෙස ලෙබනන ජනපති ජෝසෙෆ් අවුන් ( Joseph Aoun) දැනුම් දුන්නේය.
  • ඒ අනුව, හමුදාව සහ ජනතාව වෙනුවෙන් ලෙබනනයේ ස්වෛරීභාවය ආරක්ෂා  කිරීම උදෙසා, ඊශ්‍රායල ආක්‍රමණ හා එදිරිවාදී ක්‍රියාවන්ට එරෙහි ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට නීත්‍යානුකූල අයිතියක් තමන් සතුව ඇතැයි, හිස්බුල්ලා සංවිධානය කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙබනනය සටන් විරාමය  පිළිගත්තද, ඊශ්‍රායලය හා දේශපාලන සාකච්ඡා පිණිස අවතීර්ණ  නොවන බව ද, එම සන්නද්ධ සංවිධානය කියා සිටී. ලෙබනන හමුදා වෙත සහාය දක්වන බව ඔවුහු පවසති.

ඉකුත් වසරේ නොවැම්බර මස එක්සත් ජනපද මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා ලෙබනනය අතර සටන් විරාමයක් ආරම්භ විය.  

එම  සටන් විරාමය මධ්‍යයේ, ඉකුත් සතියේ ඊශ්‍රායල හමුදා, රැය පුරා දේශසීමා පසුකර පැමිණ නගරසභා සේවකයකු ඝාතනය කළහ.  

දකුණු ලෙබනනය ආක්‍රමණයේ යෙදෙන ඊශ්‍රායල හමුදා වෙත පහර දෙන ලෙස ලෙබනන ජනපති ජෝසෙෆ් අවුන් ( Joseph Aoun) දැනුම් දුන්නේය.

ඒ අනුව, හමුදාව සහ ජනතාව වෙනුවෙන් ලෙබනනයේ ස්වෛරීභාවය ආරක්ෂා  කිරීම උදෙසා, ඊශ්‍රායල ආක්‍රමණ හා එදිරිවාදී ක්‍රියාවන්ට එරෙහි ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට නීත්‍යානුකූල අයිතියක් තමන් සතුව ඇතැයි, හිස්බුල්ලා සංවිධානය කියා සිටියේය.

ලෙබනනයට එරෙහිව  යුද ප්‍රකාශ කරන සතුරා මැඩලා, ස්වයං ආරක්ෂාව සලසා ගැනීමට සූදානම් බවද එම සංවිධානය අවධාරණය කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/06/2025


මුලාශ්‍රය :

Hezbollah says Lebanon is bound by ceasefire but rejects negotiations with Israel

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ලෙබනනය වෙනුවෙන් සටන් වැදීමට සූදානම්' - හිස්බුල්ලා සංවිධානය | The Leader